ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික‍යන් පිළිබඳ ශ්‍රී ලංකා තානාපතිගෙන් ප්‍රකාශයක් !

Published in පුවත්
Wednesday, 11 October 2023 19:08

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර , එරට සිටින ශ්‍රී ලාංකික‍යන් පිළිබඳ ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ අනුව අද (11) දිනය වන විට ඊශ්‍රායලය තුළ සිටි ශ්‍රී ලාකිකයන් තිදෙනෙකු පිළිබඳ අවධානය යොමු කළ බව තානාපතිවරයා සඳහන් කරයි.

ඉන් සුජිත් ප්‍රියංකර නමැති ශ්‍රී ලාංකිකයා තුවාල ලැබීම නිසා ප්‍රතිකාර ලැබීමෙන් පසු රෝහලෙන් පිට ව ගොස් ඇත. රෝහලෙන් පිට ව ගිය ද ඔහුට අවශ්‍ය ප්‍රතිකාර සහ ඔහු ගැන නිරන්තරයෙන් තානාපති කාර්‍යාලය විමසිල්ලෙන් සිටින බව ද තානාපතිවරයා සඳහන් කළේය.

එසේම අතුරුදන් වූ තවත් කාන්තාවක් සහ තරුණයකු පිළිබඳ තවම ආරංචියක් නොලැබුණු බව ද තානාපතිවරයා අවධාරණය කරයි.

මීට අමතර ව ගාසා තීරයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු අද දින එම ස්ථානවලින් ඉවත් වී ඇති බව ද තානාපතිවරයා සඳහන් කරන අතර, ඉන් දෙදෙනෙකු දැනටමත් ඒ බව තානාපති කාර්‍යාලය දැනුම්වත් කර ඇති බව ද ඔහු පැවසීය.

තවද ඔහු පවසන්නේ, එරට සිටින විදේශ තානාපතිවරුන් සමඟ ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා සාකච්ඡාවක් ද කැඳවා ඇති බවයි.

මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලංකිකයින් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබෙයි.

ඒ අනුව 0094716640560 වට්ස් ඇප් අංකය මගින් හෝ 1989 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික දුරකථන අංකය හරහා තොරතුරු ලබාගැනීමට හැකියාව පවතියි.

මේවන විට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකිකයින් අටදහසක් පමණ සේවය කරන අතර ඉන් සියයට අනූවක් දෙනාම සාත්තු සේවා සැපයීම් වල නිරත වන බව ද වාර්තා වෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us