භූකම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට !

Published in පුවත්
Monday, 09 October 2023 10:58

බටහිර ඇෆ්ගනිස්තානයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2,445 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ද 10,000කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිරාත් ප්‍රාන්තයේ ගම්මාන 12කට භූකම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 1,000කට ආසන්න සංඛ්‍යාවක් ද විනාශ වී ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට රෝහල් බලධාරීන් සඳහන් කර ඇත.

බටහිර ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක බලපෑම් එල්ල වුයේ පසුගියදා ය.

ඉන් නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර දශක දෙකකට පසුව ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබලම භූකම්පනය මෙය බව ද වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us