කටවුට් සහ පෝස්ටර්වලට ජනපතිගෙන් තහනමක්

Published in පුවත්
Sunday, 08 October 2023 16:07

මඩකලපුවේ පැවති වැඩසටහන් කිහිපයකට ඊයේ සහ අද දින සහභාගී වූ ජනාධිපතිවරයා මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදර්ශනය කර තිබූ විශාල
කටවුට් එක ඊයේ රාත්‍රියේ දුටු අවස්ථාවේම එය ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්වලය දැනුම් දී ඇත. ඒ අනුව මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙසත් ජනපති උපදෙසක් නිකුත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එම නිවේදනය,

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

එසේම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කර ගැනීමෙන් වළකින ලෙස
ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන නායකයින්ගෙන්ද ඉල්ලා සිටියේය.

අද අවශ්‍යව ඇත්තේ ජනතා අවශ්‍යතා ඉටු කිරීම මිස සටන් පාඨ දේශපාලනය නොවන බව
අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටවුට් සහ සටන් පාඨ දේශපාලනය
රට අගාධයට ඇඳ දැමු බව ද සඳහන් කළේය.

එසේම තමා සැමදා සටන් පාඨ සහ කටවුට් දේශපාලනයට විරුද්ධ බව සිහිපත් කළ
ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් දේශපාලන ගමනක් වෙනුවෙන් සියලුදෙනා
එක්විය යුතු බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව චෙන්කලඩි
මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (08) පෙරවරුවේ එක්වෙමිනි.

මඩකලපුවේ පැවති වැඩසටහන් කිහිපයකට ඊයේ සහ අද දින සහභාගී වූ ජනාධිපතිවරයා
මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදර්ශනය කර තිබූ විශාල
කටවුට් එක ඊයේ රාත්‍රියේ දුටු අවස්ථාවේම එය ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්ව
දැනුවත් කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-10-08

Last modified on Monday, 09 October 2023 11:18

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us