ආණ්ඩුවේ පික්පොකට් ගැහිල්ලක් ගැන සජිත්ගෙන් චෝදනා !

Published in පුවත්
Friday, 06 October 2023 14:28

ලෝකයේ බොහෝ රටවල් IMF එකත් සමඟ ගනුදෙනු කළ නමුත් එම රටවල් පවා සිය රටේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරිම් සිදු කිරීමේ දී කිසිදු අවස්ථාවක වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල්වලට හානියක් නොකළ බවත් වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල්වලට බලපෑම් කරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ එකම රට ලෙස අප රට වාර්තාවක් තබා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා අපේ රටේ ව්‍යාපාරිකයන්ට, සුපිරි කොටිපතියන්ට, ධනවතුන්ට, බැංකුවලට සහන ලබා දෙමින් වැඩ කරන ජනතාවගේ ඉතිරි කිරීම් හා අරමුදල් පික්පොකට් ගැසූ මේ ආණ්ඩුව දැන් ඒ කිසිවක් නොකළ බව පවසන බවත් මේවා විහිළු කතා බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ විපක්ෂයක් ලෙස සැවොම වැඩ කරන හා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නැගී සිටින බව යි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (6) පාර්ලිමේන්තුවේ දී වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් අදහස් කරමිනි.

-මව්රට

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us