ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන යුරෝපා සංගමයෙන් යළි සහතිකයක්  

Published in පුවත්
Thursday, 03 November 2022 10:10

වත්මන් ආර්ථික අර්බුදය සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට සහය වන බව යුරෝපා සංගමය යළි තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ 06 වන රැස්වීමේදී යුරෝපා සංගමය මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙහිදි ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳව සාකච්ඡා වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීම මෙන්ම දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම අරමුණ කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය පිළිබඳව ද ශ්‍රී ලංකාව මෙහිදි යුරෝපා සංගමය දැනුවත් කරනු ලැබීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම පිළිබඳ යුරෝපා සංගමය අදාළ සාකච්ඡාවේ දී සිය කනස්සල්ල පළ කර ඇති අතර එය ක්‍රියාත්මක කර අත්තේ අත්‍යවශය අවස්ථාවේ දී පමණක් බව ශ්‍රී ලංකාව ප්‍රකාශ කර ඇත.

ජී.එස්.පී.ප්ලස් බදු සහනය සම්බන්ධයෙන් ද මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

කෙසේ නමුත් මෙරට තුළ මානව හිමිකම් කඩවීම සිදුවන බවට ජාත්‍යන්තර ප්‍රජාවට දැනුම් දී රට තව දුරටත් අර්බුදයට යවා තමන්ගෙ පටු දේශපලන අභිලාශයන් ඉ‍ටු කරගැනීමට උත්සහ කරන කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් සිදුකරමින් පවතී.

ඊයේ දිනයේදි පැවැති විපක්ෂයේ උද්ඝෝෂණ ක්‍රියාවලියට රාජ්‍ය මර්දනය කැඳවාගෙන සිදුකිරීමට ගියේ එවැනි කුමන්ත්‍රණයක්ද යන සැකය තිබේ. කෙසේ නමුත් ඒ අසාර්ථක විය. මානව හිමිකම් කඩවීම් සිදුවන බවට තහවුරුවුවහොත් යුරෝපා සංගමයේ ජී.එස්.පී.ප්ලස් බදු සහනය අහිමිවීම මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පවා අහිමි වීමේ ඉඩකඩක් පවතී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us