තානාපතිවරුන් ආවට අක්තපත්‍ර බාරදී නෑ : ආරක්ෂක ප්‍රශ්නයක් ! Featured

Published in පුවත්
Thursday, 04 August 2022 12:58

විදේශීය රාජතාන්ත්‍රිකයන් රැසක් මෙරට තානාපති සේවයට වාර්තා කර මාස කිහිපයක් ගතවී ඇති නමුත් , ඔවුන්ගේ අනිවාර්ය සම්ප්‍රදායක් වන අක්ත පත්‍ර භාරදීමක් මෙතෙක් සිදුව නොමැති බව වාර්තා වෙයි .

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ මාස කිහිපයක් තිස්සේ අක්ත පත්‍ර භාරදීමට කටයුතු කර නොමැති රාජතාන්ත්‍රිකයන් ප්‍රමාණය 60 කට ආසන්න වෙයි.

සාමාන්‍යයෙන් විදෙස් රාජතාන්ත්‍රිකයන් තානාපති සේවය සඳහා පැමිණි විට අක්ත පත්‍ර භාරදීම සිදුකරනු ලබන්නේ රාජ්‍ය නායකයා වෙතය. ලංකාවේ නම් ජනාධිපති හටය.

අක්තපත්‍ර බාරදීම බොහෝ විට සිදුවන්නේ ජනාධිපති මන්දිරයේ හෝ ජනාධිපති ලේකම් කාර්‍යාලයේය.

කෙසේ වුවත් මාර්තු මාසයේ අග භාගයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල රාජ්‍ය නායක ජනාධිපතිට එරෙහි විරෝධතා උද්ඝෝෂණ දියත්කර තිබිණ . පසුව එකී උද්ඝෝෂණ ජනාධිපති කාර්‍යාලය , "ගේට් සීරෝ" හරස් කර දින 100 කට අධික කාලයක් දියත් විය.

පසුව මතුවූ තත්ත්වයන් මත සාමකාමී අරගලය , කැරලිකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ අතර , මෙරට ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වූ ජනාධිපති ලේකම් කාර්‍යාලය ඔවුන් අත්පත් කරගනු ලැබිණ . එයින් නොනැවතුනු ඔවුන් ජනාධිපති මන්දිරය , අග්‍රාමාත්‍ය කාර්‍යාලය , අරලිය ගහ මන්දිරය ඇතුළු රටේ රාජ්‍ය නායකයා වූ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සතු නිල නිවාස කාර්‍යාල අත්පත් කරගත්තා පමණක් නොව එම ස්ථාන වලට බරපතළ හානි සිදුකරනු ලැබිණ .

වාර්තා වන ආකාරයට රාජතාන්ත්‍රිකයන් අක්ත පත්‍ර භාරදීම සිදුව නොමැත්තේ, ඔවුන්ගේ මෙරට සිටින ආරක්ෂක උපදේශකයන් අදාළ නිල හමුවීම් සිදුවන ජනාධිපති කාර්‍යාලය , ජනාධිපති මන්දිරය ආශ්‍රිත ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තහවුරුවක් ලබාදී නොමැති නිසාය.

විශේෂයෙන් ජනාධිපති කාර්‍යාලය සහ ඒ අවට පරිශ්‍රය ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැමිණ වටලන ආකාරයත්, පසුව පිරිසක් ඊට බලහත්කාරයෙන් ඇතුල්වී අලාභහානි සිදුකරමින් කිසියම් ප්‍රචණ්ඩ හැසිරීමක් පිළිඹිබු කරනු විදෙස් මාධ්‍ය වාර්තා වල පවා වීඩියෝ සහිතව විකාශය විය.

එවැනි පසුබිමක සිය ඉහළ පෙළේ තානාපතිවරුන් අවධානමක් සහිත කළාප වෙත යොමුවීම වලක්වාලීමට එම තානාපති කාර්‍යාල ආරක්ෂක උපදේශකයන් කටයුතු කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදෙස් සේවයේ ප්‍රවීණයන්, මෙන්ම දේශපාලන විචාරකයන් පවසන්නේ , ජනාධිපති කාර්‍යාලය , අග්‍රාමාත්‍ය කාර්‍යාලය වැනි ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වල, විරෝධතා පැවැත්වීම පුරවැසි අයිතියක් නමුත් , දිග්ගැස්සෙන විරෝධතා හෝ කඳවුරුලෑම් සඳහා ඉඩදීම පෙරලා රාජ්‍යයේ ස්ථවරත්වයට කැළැලක් බවයි.

එයින් යන පණිවිඩය වන්නේ අදාළ රාජ්‍ය තුළ පාලනය කරගත නොහැකි තත්ත්වයක් පවතින බව යැයිද ඔවුන් පවසයි .

එසේම අක්තපත්‍ර බාරදීම වැන්නක් නිල වශයෙන් ජනාධිපති කාර්‍යාලය, මන්දිරය වැන්නක සිදුකරනු ලබන්නේද එකී රාජ්‍යයේ නිදහස් , සාමකාමී සහ ස්වෛරී බව විදහා දැක්වීමට බවත් , ඒ හේතුවෙන් මෙකී ස්ථාන ආශ්‍රිතව කිසියම් ප්‍රශ්නගත තත්ත්වයන් ඇති විට , පාලකයන් අපහසුතාවට පත්නොකර අක්තපත්‍ර බාරදීම ප්‍රමාද කිරීමක් විය හැකි බවත් ඔවුන් පවසයි .

කෙසේ වුවත් රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් පමණක් නොව ආණ්ඩුකරණය සම්බන්ධයෙන් නිල් දැනුමක් සහිත හිටපු ජනාධිපති ගෝඨාභය දුරදිග නොබලා , තීරණාත්මක පරිශ්‍රයක විරෝධතා උද්ඝෝෂණ සඳහා වෙනම ස්ථානයක් වෙන්කළ නමුත් , එම ස්ථානය එතැනින් වෙනත් තැනකට යොමුකිරීමට ගෙන ඇති තීන්දුව වැදගත් බවත් පවසයි .

දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ , මේ ආකාරයට ස්ථානය වෙනස්වීම අරගලයට හානියක් ලෙස නොසැලකිය යුතු බවයි . අරගලයක් පැන නැගීමට අදාළ කොන්දේසි පාලකයන් වෙනස් කරන තුරු අරගලය අවලංගු නොවන බවත්, එය කිසියම් ස්ථානයක්, බිමක් වෙත ලඝු නොකිරීමට අරගලකරුවන් ද තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කර සිටියි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us