උතුරේ ජනතා ගැටළු විසදීම සදහා අධිකරණ ඇමති යාපනයට !

Published in පුවත්
Sunday, 26 June 2022 14:55

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් උතුරු පළා‌තේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව වෙත සිදු කරනු ලබන සේවාවන් තවදුරටත් විධිමත්ව සිදු කිරීම අරමුණු කර ගනිමින් සංවිධාන කර ඇති වැඩ සටහන් කිහිපයනට සහභාගි වීම සදහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් පසුගියදා යාපනයට පැමිණියේය.

අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින අතුරුදහන් වුවන්ගේ කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය හා ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලය විසින් උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ මහ ජනතාගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩ සටහන් කිහිපයක් සංවිධාන කර ඇත. එම කටයුතුවලට හා සිංහල හින්දු මිත්‍රත්ව සංගමයේ වැඩ සටහන් කිහිපයකට එක් වීම අධිකරණ අමාත්‍යවරයාගේ යාපනය සංචාර‌යේ අරමුණයි.

යාපනයට පැමිණිමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ විශේෂයෙන් 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සදහා කටයුතු කළ යුතු බවත් , ජාතික සමගිය ඇති වන ආකාරයෙන් එය ඉටු කළ යුතු බවත් , ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සදහා නීතියේ ආධිපත්‍ය්‍ය සුරක්ෂිත විය යුතු බවත් ය.

සියලු ජාතීන් අතර සමගිය සහෝදරත්වය තවදුරටත් වර්ධනය විය යුතු අතර රාජ්‍ය සේවය ඇතුළු සේවාවන්ගේ සමානාත්මතාවය ඇති විය යුතු බවත් අධිකරණ අමාත්‍යවරයා යාපනය සංචාරය ආරම්භ කරමින් පැවසීය.

අතුරුදහන් වුවන්ගේ කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය හා ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලය විසින් උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ මහ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩ සටහන් කිහිපයක් සංවිධානය කර ඇති බවත්, එම කාර්යාල මගින් යාපනය ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන සේවාවන් තවදුරටත් වැඩි දියුණු කිරීම මෙම සංචාරයේ අරමුණ බවද අමාත්‍යවරයා සදහන් කළේය.

මෙරට පැවති යුදමය වාතාවරණයෙන් පසුව ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීම සාමය ඇති කිරීම හා ප්‍රතිසන්ධානය ඇති කිරීම වෙනුවෙන් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලය ස්ථාපිත කර තිබේ.
යුද්ධයෙන් අතුරුදහන් වු ජනතාවගේ පවුල් වෙනුවෙන් සුභ සාධන කටයුතු සිදු කිරීම ඔවුන් ‌වෙනුවෙන් වන්දි මුදල් ලබාදීම හා යුද්ධයෙන් හානි වු දේපළ සම්බන්ධව කටයුතු කර අදාළ පියවර ගැනීම සදහා හානි පූර්ණ කාර්යාලය හා අතුරුදහන් වුවන්ගේ කාර්යාලය ස්ථාපිත කර ඇත.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us