පොහොර බෙදාහැරීම කඩිනමින්. සේවක නිවාඩුත් අත්හිටුවයි  

Published in පුවත්
Friday, 24 June 2022 21:15

පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනයන්හි කාර්ය මණ්ඩලවල නිවාඩු ජුලි මස (06) වනදා සිට (15) දක්වා අත්හිටුවා තිබේ.

ඉන්දීය රජය මගින් මෙරටට ලබා දෙන මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර තොගය රැගත් නෞකාව ලබන 6 වනදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

එම පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය හා බෙදා හැරීම ජුලි 7 සිට 15 තෙක් සිදුකෙරෙන අතර එම කටයුතු වෙනුවෙන් මෙලෙස නිවාඩු අත්හිටවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ගොවිජන සේවා දෙපාර්තමේන්තුව , ජාතික පොහොර ලේකම් කාර්යාලය , ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම යන ආයතනවල සියලු කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කෙරෙනු ඇති බවට වාර්තා වී ඇත.

මේ අනුව වී වගාව ඇතුළු වගාවන් ගනනාවකට නිසි වේලාවට පොහොර නොලැබීම මත ඉදිරි අස්වනු අහිමි වීමේ අවදානම යම් තරමකට අවම කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. විශේෂයෙන්ම මෙවර යළ කන්නයේ වී අස්වනු ලබා ගැනීම බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබිණි. මේ වන විටත් බොහෝ ප්‍රදේශ වල වපුරා ඇතී නමුත් පොහොර දැමිය යුතු කාලය පසුව තිබේ.

මේ තත්වය මත මෙරටට පොහොර ලැබීමත් සමඟ ඒ රට පුරා කඩිනමින් බෙදා හැරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පෙර සූදානම් වීම අගය කළ යුතුය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us