ඉන්දියාව ඩොලර් මි. 45ක, ඔස්ට්‍රේලියාව ඩොලර් මි. 50ක සංවර්ධන ආධාර දෙයි

Published in පුවත්
Monday, 20 June 2022 13:31

කන්කසන්තුරේ (KKS) වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ක මූල්‍ය ආධාර ලබා දී ඇති බව ශ්‍රී ලංකා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව කන්කසන්තුරේ වරාය කඩිනමින් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. වරාය සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාවෙන් ඍජුව භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍ය ද සිල්වා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් දකුණු ඉංදියාවේ ප්‍රධාන ප්‍රාන්ත 5 සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම විය යුතු බවට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මීට දශක දෙකකට පෙර සිටම දැරූ මතයකි. ඒ වෙනුවෙන් යෝජනා වැඩපිළිවෙල ගනනාවක්ම මේ කාලය තුළ සාකච්ඡාවට ද ගෙන තිබුණු නමුත් ඒ ක්‍රියාවට නැගීමට තරම් දේශපාලන වාතාවරණයක් මෙරට නොතිබිණි. පටු දේශපාලන වුවමණාවන් මත ඇතැම් බලවේග විසින් ඒ විනාශකරන ලදී. විශේෂයෙන්ම දකුණු ඉංදීය ප්‍රාන්ත 05 සහ සිංගප්පූරුව සමඟ වන ත්‍රෛරාජ්‍ය සංවර්ධන සැලසුමක් පවා ඔහු ඉදිරිපත් කර තිබිණි.

කෙසේ නමුත් එදා රටට මඟ හැරුණු සංවර්ධන අවස්ථාවන් යළි අත්පත්කර ගැනීමට අගමැතිවරයා දරණ උත්සාහය මෙවර හෝ සාර්ථකත්වයට පත්කර ගැනීමට හැකි වුවහොත් එය රටේ ජයග්‍රහණයකි. මේ වෙනුවෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහය ද හිමිව ඇති අතර ඉංදියාව සමඟ වන සබඳතා වැඩි දියුණු කර ගැනීමට ජනාධිපතිවරයා උනන්දුවෙන් පසුවෙන බවත් පසුගිය කාලසීමාවේදී ඔහු විසින් පෙන්නුම කර තිබේ.

මේ අතර හදිසි ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 50ක නිල සංවර්ධන ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිටින මිලියන තුනක ජනතාවට ඔවුන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝක ආහාර වැඩසටහනට ඩොලර් මිලියන 22ක් ලබා දෙන බව ය. මෙම ලෝක ආහාර වැඩසටහන මේ වන විටත් ආරම්බ වී ඇත.

එමෙන් ම, ඔස්ට්‍රේලියාව 2022 සහ 2023 වසර තුළ ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් ඩොලර් මිලියන 23ක් ද ලබා දෙන අතර එය සෞඛ්‍ය සේවාවන්ට සහ ආර්ථික ප්‍රකෘතියට සහය වනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us