මැදපෙරදිග රටවල සේවය කිරීමෙන් පසු ආපසු පැමිණෙන ශ්රී ලාංකික ශ්රමිකයන්ගේ ගමන්මලු වල තිබෙන වටිනා භාණ්ඩ ගුවන්තොටුපොළේදී අතුරුදහන් වන බව ආරාබි පුවත් සේවය වාර්තා කරයි.
ගුවන්යානයේ සිට මගීන් වෙතට පැමිණෙන ගමන්මලු පටිය අතරතුරදී මෙසේ භාණ්ඩ නැතිවන බවද පවසන එම වාර්තාව ඒ ආකාරයට වැඩිපුරම නැතිවන්නේ ජංගමදුරකථන, කැමරා සහ යටඇඳුම් බවද බවසා තිබේ.