අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් 90%ක් පූර්ණ එන්නත්කරණයට !

Published in පුවත්
Tuesday, 02 November 2021 10:29

මෙරට සියලුම දිස්ත්‍රික්කයන්හි සිටින වයස අවුරුදු 20ට ඉහළ ජනගහනයෙන් සියයට 90ක පිරිසක් කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ගෙන සම්පූර්ණ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසා ඇත.

මෙම වයස් කාණ්ඩයේ සියයට සියයක් පිරිස කොවිඩ් මර්දන පළමු මාත්‍රාව ගෙන අවසන් බවත් හැකි ඉක්මණින් දෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කිරීමට පියවර ගන්නා අතර එවිට මෙරට ජනගහනයෙන් සියයට 70 ක් කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණයට ලක් කිරීමට හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (1) පැවසුවේය. උසස් පෙළ දරුවන්ගේ එන්නත්කරණ වැඩසටහන ද සාර්ථකව ක්‍රියාත්මක වන අතර ලක්ෂ 6 ක පමණ දරුවන් පිරිසක් මේ වන විට එන්නත්කරණයට ලක් කර ඇතැයි ද, ඉදිරි සතියක පමණ කාලයක් තුළදී උසස් පෙළ අපේක්ෂිත දරුවන් එන්නත්කරණය සිදු කර අවසන් කරන්නේ යැයි ද ඔහු කීය. කොවිඩ් මර්දන පළමු මාත්‍රාව (31 වැනිදා) මේ වන විට 15,561,126ක් ද, දෙවැනි මාත්‍රාව 13,463,511ක් ද ලබාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us