කොළඹ වරාය කාර්යාල කටයුතු එකම ගොඩනැඟිල්ලකට

Published in පුවත්
Tuesday, 26 October 2021 11:14

ශ්‍රි ලංකා වරාය අධිකාරිය වරායේ සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා වරාය තුළ බහාලුම් හැසිරවීමේ කටයුතු සඳහා වැඩි ඉඩම් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලය සහ වරාය අශ්‍රිත අනෙකුත් සංවිධාන එකම වහලක් යට තබා ගැනීම සඳහා ද නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධව වඩාත් ඵලදායී සේවාවක් වරාය භාවිතා කරන්නන්ට ලබාදීම වෙනුවෙන් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් සකස් කෙරේ.

කොළඹ වානිජ නගරයට ප්‍රවේශ වීමේදී පවතින රථවාහන තදබදයට විසඳුමක් ලෙස කුළුණු මත ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් වරාය පරිශ්‍රයෙන් කඩා ඉවත් කරන ගොඩනැගිලි සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත යෝජිත සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය ඉදි කිරිමට අපේක්ෂිතය.

වරාය අධිකාරිය සතු ඉඩමක මහල් 17කින් යුත් ගොඩනැඟිල්ලක් ඒ සඳහා ඉදිකිරිමට යෝජිත අතර මෙම සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරිම් සංස්ථාව මගීන් ඉදිකරනු ලබයි.

මේ සඳහා රුපියල් මිලියන 4099ක් වැය වේ. මාස 24ක් ඇතුලත මෙහි ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට නියමිතය.

මෙහි දී කඩදාසි භාවිතයෙන් තොර මාර්ගගත කාර්යාල පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us