සමාජ සේවා ආයතන සියල්ල එක් අමාත්‍යංශයක් යටතට !

Published in පුවත්
Saturday, 23 October 2021 12:41

සමාජ සේවා විෂයට අදාළ පොදු විෂයන් සහ කාර්යයන් සහිත ආයතන සියල්ල එක් අමාත්‍යංශයක් යටතේ පැවතීමේ අවශ්‍යතාව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව අවධාරණය කරනවා.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සදහා පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභා රැස්වීමේ දීයි මේ බව සදහන් කෙරුණේ. කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්සවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ අමාත්‍යාංශවල විෂය පතය සකස් කිරීමේදී ප්‍රමිතිකරණයක් අවශ්‍ය වන බවයි. ආබාධිත දරුවන් වෙනුවෙන් සේවය කිරීමට දිස්ත්‍රික් මට්ටමින් ආයතන පිහිටුවීමේ වැදගත්කමද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නා. මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම, පුහුණුව ලබාදීම සහ සමාජගත කිරීම එක් ආයතනයකින් නියාමනය කිරීමේ අවශ්‍යතාව ද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දුන්නා. දීර්ඝ කාලයක සිට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කල යුතු බවයි කාරක සභාවේ සභාපතිවරයා කියාසිටියේ. යාචකයින් වැඩිවීම ජාතික ප්‍රශ්නයක් වී ඇති බව කාරක සභාවේ සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්නා. එම ගැටලුව විසදීම සදහා නිසි වැඩපිළිවෙළක් යෙදිය යුතු බවයි සදහන් කෙරුණේ.

සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 8 කට අයත් ඉඩම් හෙක්ටාර 22 ක් දෙපාර්තමේන්තුවට පවරා නොගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බව සදහන්.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us