01වැනිදා සිට උපකාරක පන්ති ඇරඹේ !

Published in පුවත්
Saturday, 23 October 2021 09:13

ලබන නොවැම්බර් 01වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවසර ලබා දී ඇති බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව සෞඛ්‍ය මර්ගෝපදේශයට අනුව ළමුන් සියයට අඩු උපකාරක පන්ති ආරම්භ කෙරන බව එම සංගමයේ ලේකම් කමල් ප්‍රියංකර ප්‍රකාශ කර තිබේ.

පසුගිය කාලයේදී ගුරුවරුන් වැඩ වර්ජන මෙන්ම මාර්ගගත අධ්‍යන කටයුතුවලින් ඉවත් වුවත් තම සංගමය ඇතුළු උපකාරක පන්ති ගුරුවරු අධ්‍යන කටයුතු නොකඩවා සිදු කිරීම නිසා ළමුන්ට ගැටලුවක් නොවන බව ඔහු පවසයි.

පාසල් ළමුන්ට මග හැරුණු විෂය නිර්දේශ අමතර කාලයක් යොදාගෙන ඉගැන්වීමට උපකාරක පන්ති ගුරුවරු සූදානම් වෙති.

මීට අමතරව සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට පෙනී සිටින නවක සිසුන්ට අමතර පැය ගණනක් යොදාගෙන ඉගැන්වීමට නියමිතව ඇත.

උපකාරක පන්ති ගුරුවරු විසින් ආරම්භ කළ මාර්ගගත අධ්‍යන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට සිසුන්ගේ දෙමවුපියන් ඉල්ලීම් කරන බැවින් එය දිගටම ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ලේකම් කමල් ප්‍රියංකර ප්‍රකාශ කර ඇත.

මේ වනවිට දිවයින පුරා උපකාරක පන්ති ගුරුවරු ලක්ෂයකට ආසන්න පිරිසක් සක්‍රියව සිටින බව එම සංගමය පවසයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us