අමෙරිකන් ගෑස්වලින් වසර 5කදී කෝටි 4,000කට අධික ලාබයක් ලැබෙනවා - විදුලි බල මණ්ඩලය

Published in පුවත්
Tuesday, 28 September 2021 12:31

යුගදනවි හා කැලණිතිස්ස බලාගාර දෙකට අමෙරිකන් සමාගමෙන් ගෑස් ලබා ගැනීමෙන් වසර පහකදී රටට ලැබෙන ලාබය රුපියල් කෝටි 4,000කට අධික යැයි විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය ගණන් බලා තිබේ.

මෙම සමාගම මෙරටට පැමිණියේ ස්වාභාවික ද්‍රව වායු(එල්.එන්.ජී) විදුලි බලාගාරයක් ඉදි කිරීමේ අරමුණින් යැයිද එම සමාගම සතුව ගෑස් සහ ස්වභාවික ද්‍රව වායු මෙන්ම නෞකා පහසුකම් ඇතුළු සුදුසුකම් රැසක් සහිත එකකැයිද පාලනාධිකාරිය කියා සිටී.

යුගදනවි බලාගාරයට හා කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය එල්.එන්.ජී ගෙන ඒම සඳහා යටිතල පහසුකම් ලබාගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවා ඇතැයිද ඒ අනුව නෝර්වේ,ඉන්දියාව සහ පාකිස්තාන රටවලින් මිල ගණන් ඉදිරිපත් කර ඇතැයිද විදුලිබල මණ්ඩලය කියා සිටී. අමෙරිකන් සමාගම යුගදනවි විදුලි බලාගාරයේ සියයට හතලිහක කොටස් ලබාගැනීමෙන් හෝ ගෑස් හා එල්.එන්.ජී සැපයීම නිසා එකී ටෙන්ඩරය නතර නොවන බවත් අනාගතයේ මෙරට ඉදිකිරීමට නියමිත එල්.එන්.ජී විදුලි බලාගාර සඳහා යටිතල පහසුකම් ඇතිකිරීම සඳහා අඩුම මිල ගණන් හා අදාළ සුදුසුකම් සපුරන සමාගමට එම ටෙන්ඩරය පිරිනමන බවද පාලනාධිකාරිය කියා සිටී.

යුගදනවි බලාගාරය ඉදිකළේ විවිධ රටවල්වලින් ලබාගත් ණය වලිනි. ඒ අනුව ඊට වැය කළ මුදල්වලින් සියයට හැත්තෑවක්ම ණය මුදල් බවත් ඉතිරි සියයට තිහක මුදල විවිධ පාර්ශ්වවල කොටස් මුදල් යැයි ද ලංවිම සඳහන් කර සිටී.

තවත් වසර දාහතරකට පසු යුගදනවි විදුලි බලාගාරයේ අයිතිය සම්පූර්ණයෙන්ම විදුලිබල මණ්ඩලයට හිමිවන බැවින් ඉදිරි වසර දාහතරක කාලයකට අමෙරිකන් සමාගමට බලාගාරයේ සියයට හතලිහක කොටස් ප්‍රමාණයක් ලබාදීමෙන් රටට කිසිදු පාඩුවක් නොවන බවද පාලනාධිකාරියේ ස්ථාවරය වී තිබේ. මෙම බලාගාරය දැනට ඉන්ධන මගින් විදුලිය ජනනය කරන අතර අදාළ අමෙරිකන් සමාගම එකඟ වී තිබෙන ආකාරයට එල්.එන්.ජී මෙරටට ගෙනැවිත් විදුලි බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමේදී දැනට රුපියල් තිහක් පමණ වන එම බලාගාරයේ විදුලි ඒකකයක මිල රුපියල් දාහතකට පමණ අඩුවන බවද ගණන් බැලීමේදී තහවුරු වී තිබේ.

 

dinamina

Last modified on Tuesday, 28 September 2021 12:33

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us