ලොහාන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් පැමිණිල්ලක් !

Published in පුවත්
Wednesday, 22 September 2021 12:32

අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තෙට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත අද (22 වැනිදා) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති අබ්දුල්ලා සාහිඩ් සහ එහි ලේකම් ඇන්ටෝනියා ගුඩරේස් වෙත යොමු කර තිබෙන එම පැමිණිල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංගර් වෙත අද පෙරවරුවේ භාරදෙන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා​ ඊයේ (21 වැනිදා) පැවැසීය.

මේ අතර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වල සිදුකළ බව කියන සිද්ධීන් සම්බන්ධව විමර්ශනය කිරීමට විශ‍්‍රාමික විනිසුරුවරයෙක් පත් කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පවසයි.

කෙසේ නමුත් බන්ධනාගාර වලට ඇතුලුවී තමන් විසින් සිදු කළාය කියන කටයුතු කිසිවක් තමන් විසින් සිදු නොකළ බවට රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us