විශේෂ අවශ්‍යතා සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට ෆයිසර් ලබා දෙයි !

Published in පුවත්
Tuesday, 21 September 2021 21:41

මෙරට වයස අවුරුදු 12 ත් 19 ත් අතර විශේෂ අවශ්‍යතා සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා එළඹෙන 24 වනදා සිට ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එම එන්නත් ලබාදීම ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර කොවිඩ් රෝගය නිවාරණය පිණිස දකුණු ආසියාවේ ගර්භනී මාතාවන් එන්නත්කිරීම ප්‍රථමයෙන් ආරම්භ කළේ ශ්‍රී ලංකාව බවත් මේ වන විට ගර්භනී කාන්තාවන්ගෙන් 90%කට එන්නත් දී ඇති බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කර තිබේ.

විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළේ දැනට ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණයේ වත්මන් තත්ත්වය සහ ළමුන්, තරුණ තරුණියන් සහ ගර්භණී මාතාවන් එන්නත්කරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා රජ‍යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (21) සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පෙන්වාදෙන පරිදි කොරෝනා වෛරසය ආරම්භයේ සිට මේ දක්වා ගර්භනී කාන්තාවන් 5000ක ට පමණ කොරෝනා ආසාදනය වී ඇත. දැනට 200ක් පමණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. 52 දෙනෙක් මරණයට පත්වී ඇත.සියලුම මරණ සිදුව ඇත්තේ 2021 මැයි මාසයන් පසුවය. ශ්‍රී ලංකාවේ වසරකට මාතෘ මරණ 100ක් පමණ වාර්තවන අතර කොරෝනා රෝගයෙන් පමණක් මාතෘ මරණ 52ක් සිදුව තිබීම කණගාටුවට කරුණක්යැයි වෛද්‍යවරිය සදහන් කර ඇත. එබැවින් ගර්භනී කාන්තාවන්ට එන්නත්දීම ආරම්භ කළ බවත් මේ වන විට ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 90ක් එන්‍නත ගෙන තිබෙන බවත් පැවසූ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය එන්නත ගැනීමෙන් ගර්භනි මාතාවන්ට ඇතිවිය හැකි සංකූලතා අඩු කර මරණයට පත්වීමේ සම්භාවිතාව අවම කර ගැනීමට හැකිවන හෙයින් කිසිදු බියකින් තොරව එන්නත ගන්නා ලෙස ගර්භනී මාතාවන්ගෙන් මෙන්ම තරුණ මහලු සියලු දෙනාගෙන්ම ඇය එහිදී ඉල්ලා සිටියාය.

ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 130 ක ට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව දී තිබේ. පළමු මාත්‍රාව ගත් ජනගහනයෙන් සියයට 50ක ට දෙවන මාත්‍රාව දී ඇත. ශ්‍රී ලංකාවේ එන්නත්කරණය දකුණු ආසියාවේ ඉතා ඉහළ ප්‍රතිශයක් හිමිකරගෙන ඇතැයි වෛද්‍යවරිය එහිදී ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Last modified on Tuesday, 21 September 2021 22:03

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us