යහපාලනෙන් ගහපු බද්ද බන්දුල ආයෙත් යෝජනා කරයි

Published in පුවත්
Monday, 13 September 2021 12:45

 මාසිකව රු. 100,000කට වැඩි ආදායමක් උපයන සියලු දෙනාගෙන් සියයට 5ක් බද්දක් අය කළ යුතු බව ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි

 

‘‘සමාජ සංරක්ෂණ දායක මුදල‘‘ යනුවෙන් මීට නමක් දෙන වෙළෙඳ ඇමැතිවරයා පවසන්නේ කොරෝනා ව්‍යසනය හමුවේ අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි පොදු පහසුකම් සැපයීම සඳහා මෙම බදු මුදල් යොදවා ගත යුතු බවය.

ආදායම් මට්ටම්වල වෙනස් නැතුව සාමාන්‍යයෙන් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තිබෙන සියලු දෙනාට මෙම බදු පැනවිය යුතු බව රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබීය.

පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී පැවැති උපයන විට බදු ගෙවීමේ ක්‍රම වේදයට (PAYE -pay as you earn) අසුවන පුද්ගලයනට සහනයක් ගෙන එමින් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා ආදායම් උපයන පුද්ගලයන්ගෙන් සියයට 4 සිට ක්‍රමිකව වැඩිවන ලෙස පසුගිය යහපාලන යුගයේදී පනවන ලද බදු සහනයට තවත් සහනයක් ලබා දෙමින් වත්මන් ආණ්ඩුව විසින් එම ලක්ෂයේ සීමාව රු දෙලක්ෂ පනස්දාහ වන තෙක් වැඩි කරනු ලැබීය.

2017 දී හිටපු මුදල් ඇමැති මංගල සමරවීර ගෙන ආ නව බදු පනත අනුව සෑම පුරවැසියකුම උපයන පළමු රුපියල් ලක්ෂය දක්වා මුදල බදුවලින් නිදහස් කෙරිනි. ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 4%ක බද්දක්ද ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 8%ක බද්දක් ද අය කෙරුණු අතර ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 12%ක්ද ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 16%ක්ද ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 20%ක්ද ඊට වැඩිවන සෑම මුදලකට 24%ක්ද වශයෙන් වෙනස් කෙරිණි.

ඒ කෙසේ නමුත් දැන් වෙළෙඳ ඇමැතිවරයා යළි යෝජනා කරන්නේ තම රජය විසින් අත්හිටුවන ලද යහපාලන යුගයේ උපයන විට බදු ක්‍රමයට ආසන්න අදහසකි. වත්මන් රජය විසින් සිදුකරන ලද බදු සංශෝධනය නිසා වාර්ශික රාජ්‍ය ආදායම රු බිලියන 600 කින් පමණ අහිමි වී ඇත. වත්මනෙහි රජය මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයට මේ තත්වය සෘජුවම බලපා ඇති බව ආර්ථික විශේෂඥයන් පෙනවා දෙනු ලැබ තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us