එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය කෝටිය ඉක්මවයි !

Published in පුවත්
Friday, 10 September 2021 11:17

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව පුද්ගලයින් 10,211,537 දෙනෙකුට කොවිඩ්-19 මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ දිනයේ පුද්ගලයින් 216,050 දෙනෙකු කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ජනගහණයෙන් සියයට 47ක ප්‍රතිශතයක් මේ වනවිට පුර්ණ එන්නත්කරණයට ලක්වී ඇත.

ඊයේ දිනයේ පුද්ගලයින් 135,938 දෙනෙකු පළමු එන්නත් මාත්‍රාව ලබාගැනීම හේතුවෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 01 කෝටි 32 ලක්ෂ 64,806 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

එය සමස්ත ජනගහණයෙන් සියයට 62ක ප්‍රතිශතයකි.

මෙරට ‍වයස අවුරුදු 30ට වැඩි ජනගහණයෙන් සියයට 83ක ප්‍රතිශතයක් සහ වයස අවුරුදු 20ත් 29ත් අතර ජනගහණයෙන් සියයට 12ක් මේ වනවිට පුර්ණ එන්නත්කරණයට ලක්වී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us