රු. 2000 දීමනාව අවසන් ! නොලැබුණ අයෙක් සිටි නම් අභියාචනයක් ලබා දෙන්නැයි ඉල්ලයි!

Published in පුවත්
Monday, 06 September 2021 19:58

ආදායම් අහිමිවූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීම සම්පූර්ණයෙන් ම අවසන් කර ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය පවසා සිටියි.

ආදායම් අහිමි වූ එහෙත් මෙතෙක් රුපියල් 2,000 දීමනාව ලැබී නොමැති අයෙකු වේ නම් ඒ සම්බන්ධයෙන් අභියාචනා ලබාදෙන්නැයි, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය ජනතාවට දැනුම් දෙයි. අදාළ අභියාචනා දිස්ත්‍රික් ලේකම්වරුන්ට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදිය හැකි බව එම බළකාය සඳහන් කර සිටි.

කොරෝනා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000/= දීමනාව ලබා දීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ වුණා .

නිරෝධාන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ මුළු පවුල් 20 ලක්ෂ 38, 530ක් මෙම දීමනාව සඳහා තෝරා ගෙන තිබුණේ .
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 3 ලක්ෂ 76, 531ක්, ගම්පහ 3 ලක්ෂ 45, 847ක්, කළුතර 55, 425ක්, මහනුවර 1 ලක්ෂ 37, 475 ක්, කුරුණෑගල එක් ලක්ෂ 7677 ක්, රත්නපුර එක් ලක්ෂ 7291 ක් , ගාල්ල දිස්ත්‍රික්කයේ 38, 269ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 66, 476ක් ජීවනෝපාය අහිමි වූ පවුල් ඊට සුදුසු කම් සපුරා තිබුණ අතර අද විට දීමනාව අදාළ සියලු පවුල් සදහා ලබා දී අවසන් බවයි අමාත්‍යංශය පැවසුවේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us