පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය අද කැබිනට් මණ්ඩලයට !

Published in පුවත්
Monday, 17 May 2021 10:24

2022 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට අද (17 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම නව චක්‍රලේඛයට පළමු ශ්‍රේණියේ පන්තියකට ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව හතළිහක් දක්වා වැඩි කිරීමේ සංශෝධනයද ඇතුළත්.

මෙම සංශෝධනයට අමතරව පදිංචිය තහවුරු කෙරෙන ලේඛනවලට අදාළව සහ තවත් සංශෝධන කිහිපයක් මෙවර චක්‍රලේඛයට ඇතුළත් වන බවයි වාර්තා වෙන්නේ.
පළමු ශ්‍රේණීයට සිසුන් ඇතුළත් කිරීම සඳහා ලබන මස මුල සිට අයැදුම්පත් කැඳවීමට සැලසුම් කර ඇත.

මීට වසර පහකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයක් අනුව මෙම වසරේ සිට ඉදිරියට පළමු ශ්‍රේණියේ පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහක් වුවත් ජනප්‍රිය පාසල් සඳහා පවතින ඉල්ලුම සලකා බලා එම සංඛ්‍යාව හතළිහක් දක්වා වැඩි කිරීමට පියවර ගත් බව අමාත්‍යාංශය පවසයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us