අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින සියළු පාර්ශ්වයන්ට කොවිඩ් එන්නත ලබා දෙන්න - බන්දුල

Published in පුවත්
Saturday, 15 May 2021 12:20

හදිසි තත්වය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ඉටු කරනු ලබන සියළු පාර්ශ්වයන් හට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත කඩිනමින් ලබා දෙන මෙන් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ පැවති සාකච්ඡාවේදී ගත් තීරණය පරිදි මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති පවුල් සහ මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු ආරම්භ වී ඇත.

මෙහිදී පිටකොටුව තොග බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ වෙළෙඳුන් හා භාණ්ඩ පැටවීම ආදී කටයුතු සඳහා සම්බන්ධ පිරිස, දිවයින පුරා පිහිටි විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වල සේවකයන් හා වෙළෙඳුන් ඇතුළු පිරිස, සතොස තොග ගබඩා සංකීර්ණ හා සියළුම සතොස අලෙවිසැල් වල නිලධාරීන් හා අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම සිදු කරන ලද අතර මෙම හදිසි තත්වය යටතේ ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් සිය රාජකාරී ඉටු කරන මෙම නිලධාරීන් වෙනුවෙන් කඩිනමින් එන්නත්කරණය සිදු කළ යුතු බවට අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඉල්ලීමෙහි සඳහන්ය.

-පංචාලි අබේසේකර

bandula

Last modified on Saturday, 15 May 2021 12:21

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us