ඉදිරි සති දෙක ඇතුළත රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.
මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාදුන් කිසිවෙකුටත් මෙතෙක් කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 71,203කට සයිනොෆාම් එන්නත ලබා දී ඇත.
-පංචාලි අබේසේකර