මෙරට හරිත සමාජ ආර්ථිකයක් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් !

Published in පුවත්
Tuesday, 11 May 2021 11:37

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට හරිත සමාජ ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරනු ලැබ තිබේ .

එය “දේශගුණික විපර්යාස සඳහා තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය” ලෙස නම් කර ඇත.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්ය සාධක බලකායට කැබිනට් අමාත්‍යවරුන් 05 දෙනෙක්, ආණ්ඩුකාරවරියක්, රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙකු ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඇතුළු සාමාජිකයින් 46 දෙනෙකු ඇතුළත් වේ.

අමාත්‍යවරුන් වන ආර්.එම්.සී.බී. රත්නායක, චමල් රාජපක්ෂ, මහින්ද අමරාවීර, මහින්දනන්ද අළුත්ගමේ,රමේෂ් පතිරන, ආණ්ඩුකාර අනුරාධ යහම්පත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, අරුන්දිකා ප්‍රනාන්දු,රොෂාන් රණසිංහ, කනක හේරත්, ජනක වක්කුම්බුර, මොහාන් ද සිල්වා,විමලාවීර දිසානායක, කාංචන විජේසේකර, සදසිවම් විලෙන්ද්‍රන්, ඩී.බී. හේරත්,ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩවේවා, ආචාර්ය සීතා අරඹේපොළ සහ මහාචාර්ය චන්න ජයසුමන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල දිසානායක යන මහත්වරුන් රජයේ සාමාජිකයෝ වෙති.

ආචාර්ය එම්.ඩබ්ලිව්.එන්. ධර්මවර්ධන, ජයම්පති මොලිගොඩ, ජයන්ත වික්‍රමසිංහ, මහාචාර්ය සුදිරා රන්වල, ආචාර්ය ජී.ඒ.එස්. ප්‍රේමකුමාර,විශේෂඥආචාර්ය අනුරුද්ධ පාදෙනියා, ආචාර්ය ඩී.එම්.ජේ.බී.සේනනායක, මහාචාර්ය එස්. ආනන්ද කුලසුරිය, ආචාර්ය ටී. එල්. ගුණරුවන්, මහාචාර්ය පී.අයි. යාපා,ආචාර්ය එච්.එම්.ජී.එස්.බී. හිටනායක, ආචාර්ය අසීස් මුබාරක්, ආචාර්ය යසන්ත මාපතුන, ආචාර්ය ක්‍රිෂ් ධර්මකීර්ති, සචිත්‍රා යාපා,විකී වික්‍රමතුංග, හර්මන් ගුණරත්න, ධම්මිකා කොබ්බෙකඩු, දේවකා වික්‍රමසූරිය, ජීවක අතපත්තු,දිල්ෂාන් ප්‍රනාන්දු, මොහොමඩ් අනීස් ජුනයිඩ්, දිලිත් ජයවීර සහ විජිත් වෙලිකාලා සෙසු සාමාජිකයෝ වෙති.

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුමක් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 27 වැනි දා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ද ඉදිරිපත් කළේය.

පරිසර හිතකාමී සමාජ ආර්ථික රටාවකට ජනතාව පෙළගැස්වීම ඇතුළු කරුණු රැසක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

පරිසරය සුරැකීම වෙනුවෙන් ගොනු කළ තවත් කරුණු 24ක් කෙරෙහි මෙම ජනාධිපති කාර්යා සාධක බලකායෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

ඒ අනුව, කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක වෙනුවට කාබනික පොහොර නිෂ්පාදන භාවිතා කරමින් පූර්ණ වශයෙන් රසායනික ගොවිතැනින් ස්වභාවික ගොවිතැනට පරිවර්තනය වීම සඳහා මාර්ග සිතියමක් පිළියෙළ කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීමකි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us