මිණිපුරට හැදෙන රුවන්පුර අධිවේගයේ සමාරම්භය හෙට

Published in පුවත්
Thursday, 06 May 2021 16:07

ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් 2021.05.07 වන දින රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් හෙට (07) දින ආරම්භ වේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සංවර්ධනයේ හිණිපෙත්ත කරා ගමන් කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජීවත් වන ජනතාවට සහන ලබා දෙන මාර්ග පහසුකම් ඉතා ශක්තිමත්ව දීර්ඝ කාලයක් පවතින්නට ඒවා ඉදිකර මහජනතාව වෙත ජනගත කිරීම පවතින රජයේ මහාමාර්ග පිළිබඳ වගකීම බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.


ඉදිකිරීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයෙ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකෙරේ. මෙම රුවන්පුර අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කි.මි 73.9 කි. මෙම ව්‍යාපෘතිය 2014 වර්ෂයේ දී මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ යෝජනා වූ ව්‍යාපෘතියකි. මෙම රුවන්පුර අධිවේගී මාර්ගය අදියර 3ක් යටතේ ඉදිකිරීමට නියමිතය. ඒ අනුව එහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කි. මි. 24.3 ක දුර ප්‍රමාණයක් ඉදිකරනු ලබයි. මාගා ඉංජිනේරු සමාගම මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. මේ සඳහා රුපියල් බිලියන 54.70 ක් වැය වේ. ඉදිකිරීම් කාලය මාස 30 කි.

කොවිඩ් වසංගතය හමුවේ වුව ද, රටේ සංවර්ධන කටයුතු අඩාල නොකර ජනතාව වෙනුවෙන් ඒවා ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. මුඩු බිමක්ව තිබූ රට අපි වැඩබිමක් බවට පත් කළා. මෙවැනි සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් ඉදිරියේ දී කොවිඩ් වසංගතය මධ්‍යයේ වුව ද, අපේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

මෙම රුවන්පුර අධිවේගී මාර්ගය ආර්ථික වශයෙන් ඵලදායී අධිවේගී මාර්ග පද්ධතියකි. පානදුර - රත්නපුර (A-08) හා කොළඹ - වැල්ලවාය - මඩකලපුව (A-04) මාර්ගවල පවතින මාර්ග තදබදය අවම වී සුවපහසු ගමනාන්තයක් සඳහා මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම තුළින් පහසුකම් සැලසේ. මෙම රුවන්පුර අධිවේගී මාර්ගය තුළින් කොළඹ, කලුතර, රත්නපුර, බදුල්ල, නුවරඑළිය, මොනරාගල සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්කයන් සඳහා සමාජ ආර්ථික ප්‍රතිලාභ ලැබෙනු ඇත. මැණික්, තේ, ඇඟළුම්, සුළු අපනයන බෝග යනාදිය කඩිනමින් වෙළඳපොළට සහ සැපයුම් ස්ථානවලට පහසුවෙන් පිවිසීමට මෙමගින් හැකිවේ. මාර්ග තදබදය අඩුවීම ඉන්ධන පිරිවැය අඩුවීම, ගමන් කාලය ඉතිරිවීම නිසා ආයෝජකයන්ට මෙම ප්‍රදේශයේ ආයෝජන අවස්ථාවල යෙදිමට මෙම අධිවේගි මාර්ගය තුළ ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us