යහපාලනයේ පමාව නිසා ජනතාව පීඩාවෙන් - ජොන්ස්ටන්

Published in පුවත්
Monday, 03 May 2021 12:58

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවනි අදියරේ මීරිගම සිට පොතුහැර දක්වා කොටසේ ඉදිකිරීම් බලාපොරොත්තු වූ දිනට අවසන් කිරීමට නොහැකි වූයේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුට අයත් ඉදිකිරීම් සමාගමකට ඉදිකිරීම් සදහා කොන්ත්‍රාත් ලබා දුන් නිසයි. එම කොන්ත්‍රාත් සමාගමේ ඉදිකිරීම්වල මන්දගාමීත්වය නිසා එහි ඵල විපාක අද ජනතාවට අත්විදින්න සිදුවෙලා. එම හිටපු කැබිනට් අමාත්‍යවරයාගේ ඉදිකිරීම් සමාගමට අයත් කොටසේ ඉදිකිරීම් තවමත් ඉබිගමනේ අනිත් කොටස්වල ඉදිකිරීම් 90% අවසන්  බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

 

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට පොතුහැර දක්වා වූ කොටසේ ඉදිකිරීම්වල ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය දා නිරත විය. මෙහි දී ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය පිළිබද ව්‍යාපෘති භාර නිලධාරීන්ගෙන් කරුණු විමසූ අමාත්‍යවරයා ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා කොටසේ වැඩ කටයුතු අපි ඉක්මනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. දැනුත් මම ආවේ මෙම කොටසේ ඉදිකිරීම්වල අඩුපාඩු තියනවා නම් ඒ ගැන සොයා බලන්න. ඉදිකිරීම් වැඩකටයුතු සිද්ද වෙන්නෙ කොහොමද කියල බලන්න. දැන් මේ අදියරේ ඉදිකිරීම්වල විශාල ප්‍රගතියක් තියෙනවා. මීරිගම සිට පොතුහැර දක්වා කොටසේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට පොතුහැර දක්වා වූ කොටසේ ඉදිකිරීම් බලාපොරොත්තු වූ දිනට අවසන් කිරීමට නොහැකි වූයේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුට අයත් ඉදිකිරීම් සමාගමකට ඉදිකිරීම් සදහා කොන්ත්‍රාත් ලබා දුන් නිසයි. එම කොන්ත්‍රාත් සමාගමේ ඉදිකිරීම්වල මන්දගාමීත්වය නිසා එහි ඵල විපාක අද ජනතාවට අත්විදින්න සිදුවෙලා තිබෙනවා. පසුගිය අවුරුදු පහ ඇතුලත ඔවුන් වැඩ කටයුතු කළේ ඒ ආකාරයටමයි. සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම භාර දුන්නේ ඔවුන්ගේ හිතවතුන්ටයි. ඒ නිසා තමයි ජනතාව ඔවුන්ව පරාජයට පත් කළේ. අපි කිවුවා මුඩුබිමක් බවට පත් කරලා තියෙන රටක් අපි සංවර්ධනය කරා අරගෙන යනවා කියලා. මුඩු බිමක් ව තිබූ රට වැඩබිමක් බවට පත් කළා. අද මුළු ලංකාවම සංවර්ධනය වෙලා තියෙනවා.

පාරවල් වගේම වැව් පන්දහක් අපි හදනවා. ඒ වගේම විවිධ ව්‍යාපෘති ගණනාවක් අද මේ කොවිඩ් අර්බුදය පවතිද්දීත්, ඒවගේම ලෝකයේ ආර්ථිකය හෙලවිලා තිබියදීත් අපි කරගෙන යනවා. පසුගිය අවුරුදු පහ ඇතුලත ප්‍රශ්න නැතුව තිබියදීත් ඔවුන්ට මේ රට සංවර්ධනය කරා මෙහෙයවන්න බැරි වුණා. කෝවිඩ් අර්බුදය තිබියදීත් අපි මනා ලෙස එය කළමනාකරණය කර ගනිමින් මේ රට දැවැන්ත සංවර්ධනයක් කරා අරගෙන යනවා. ජනාධිපතිතුමා ඇතුළු රජය, රාජ්‍ය නිලධාරින් සමඟ එකතු වෙලා අපේ රට සංවර්ධනය කරා මෙහෙයවනවා. මේ රටට ආදරය කරන ජනතාව සමග එකතුවෙලා මේ රට හදන වැඩපිළිවෙළ කිසිසේත්ම අපි නතර කරන්නේ නැහැ. කොතරම් බාධා ආවත්, ප්‍රශ්න ආවත්, නොයෙක් මඩ ප්‍රචාර අරගෙන ගියත් ඒ කිසි දේකට අපි සැලෙන්නේ නැතුව මේ රට මෙහෙයවනවා. සංවර්ධනය කරා රැගෙන යනවා. අපිට ඡන්දය දුන් ජනතාවගේ ඡන්දයට අගෞරව නොකර මේ රට සංවර්ධනය කරා රැගෙන යන බව මම පැහැදිලිව කියනවා.

මෙම අවස්ථාවට මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවනි අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කෙහෙල්ඇල්ල මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us