KDU රෝහලේ ICU ශක්තිමත් කෙරේ !

Published in පුවත්
Friday, 30 April 2021 14:24

කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීම සදහා ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර සේවා ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේනවා.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසන්නේ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර ඒකක 03 ක් කොවිඩ් රෝගීන්ගේ දැඩි සත්කාරක සේවා සදහා වෙන් කිරීමටත්, මෙම ඒකක තුළ ICU ඇඳන් 24 ක් සහ High Dependency Beds (HDU ඇඳන්) 12 ක් ස්ථාපිත කොට Hi-flow ඔක්සිජන් ඇතුළු සියලු පහසුකම් ලබාදීමටත් පියවර ගෙන ඇති බවයි.

මෙම කටයුතු සොයාබැලීම සඳහා වන්නිආරච්චි මහත්මිය ඊයේ (29) රාත්‍රියේ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකාවක ද නිරත වූවාය.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පැවැති විශේෂ සාකච්ඡාවේ දී මෙම දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාම සඳහා අවශ්‍යවන වෛද්‍යවරු 30 ක්, හෙදියන් 80 ක්, කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 ක් කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇය විසින් උපදෙස් දී තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us