වෛරසය වැළදුනු ගැබිණි මව්වරුන් තිදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ !

Published in පුවත්
Friday, 30 April 2021 11:03

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ගැබිනි මව්වරුන් තිදෙනෙක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.

නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ගැබිනි මවක් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද ඔහු කියා සිටියා. එහෙයින් ගැබිනි මව්වරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණයක් බවයි ඔහු සදහන් කරන්නේ.

කොවිඩ්-19 වයිරසයට ගොදුරු වීමේ දැඩි අවදානමක් ඇති කණ්ඩායමක් ලෙස ගැබිනි කාන්තාවන් හඳුනාගෙන ඇති බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ඉටුකරන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය අනතුරු අඟවා තිබේ.

විශේෂයෙන් රජයේ හා පෞද්ගලික අංශයේ රැකියා කරන ගැබිනි කාන්තාවන්ට කොවිඩ්-19 වයිරසය වැලඳීමේ අවදානම වැඩි බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ගැබිනි කාන්තාවන් සඳහා කොවිඩ්-19 එන්නත ලබාදීම සුදුසු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කරයි. එය බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රසව වෛද්‍යවරුන්ද නිර්දේශ කර ඇති අතර එන්නත ලබාගැනීමෙන් කලලයට හානියක් නොවන බවද ඔහු පවසයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us