දරුවන් ආරක්ෂා කර ගන්න ! සෞඛ්‍ය කාර්යාංශ විසින් මව්පියන්ට ඉල්ලීමක්

Published in පුවත්
Wednesday, 28 April 2021 09:35

දරුවන් ආරක්ෂා කර ගන්න ! සෞඛ්‍ය කාර්යාංශ විසින් මව්පියන්ට ඉල්ලීමක්

රට තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් සැලකිය යුතු දරුවන් පිරිසක් මේ වන විටත් වෛරසයට ගොදුරු වී ඇති බැවින් දරුවන් ආරක්ෂා කර ගන්නා ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශය මව්පියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

මේ වන විට දිවයිනේ සියලුම පාසල් හා උපකාරක පන්ති නිවාඩු දී ඇති බැවින් අනවශ්‍ය ගමන් බිමන් යාමට ඉඩ නොදී නිවෙස තුළම දරුවන් රඳවා ගන්නා ලෙසත්, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මව්පියන්ට දැනුම් දී සිටියි.

දරුවන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ මතු වන්නේ නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලක් වෙත රැගෙන යෑමට කටයුතු කරන ලෙසද ඇය දැනුම් දේ.

විශේෂයෙන්ම හැකි හැම විටම දරුවන්ගේ දෑත් සබන් ගා සේදීමටත්, නිවසින් බැහැරවන සෑම විටකම මුව ආවරණය නියමිත පරිදි පලඳින ලෙසට දරුවන්ව දැනුවත් කරන ලෙසත් ඇය මව්පියන්ගෙන් ඉල්ලීම් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us