වරාය නගර පනත ව්‍යස්ථා විරෝධීනම් එය වෙනස්කරන්න ආණඩුව එකඟයි

Published in පුවත්
Thursday, 22 April 2021 10:35

වරාය නගර පනත ව්‍යස්ථා විරෝධී බවත් එම පනත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක් ඡන්දයත් ජනමත විචාරණයකුත් පැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස පාර්ශ්ව විශාල ගනනක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඊයෙ දිනයේදී පැවැති නඩුවාරයේදී , පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දෙන පරිදි කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්නි රටේ ඒකීය භාවයට හා ව්‍යවස්ථාවට පටහැනි බව බැලූ බැල්මට පෙනී යන බැවින් ඒවා සංශෝධනය කළ යුතු බව පිළිගන්නේ දැයි විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මෙහිදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ගෙන් විමසා සිටි අතර තමන් ද ඒ බව පිළිගන්නේ යැයි ජනාධිපති නීතිඥවරයා එහිදි පිළිතුරු දුන් බව වාර්තාවේ.

ඊයේ පෙත්සම් විභාගයට අතරමැදි පාර්ශ්වකරුවෙකු ලෙස සම්බන්ධ වී සිටින ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දැක්විය.

ඔහු කියා සිටියේ චීනය අප රටේ දීර්ඝ කාලීන මිතුරෙකු වන නිසා කොළඹ වරාය නගර ආර්ථික කලාපය මෙහෙයවීමේ කටයුතු චීන ජාතිකයින් අතට පත්වීම සම්බන්ධයෙන් කිසිවෙකු අසුබවාදීව නොසිතිය යුතු බවය.

එය එක්තරා දුරකට ශ්‍රී ලාංකීකයින්ට සතුටු විය හැකි කරුණක් බව ජනාධිපති නීතිඥවරයා සදහන් කළේය.

රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ කොළඹ වරාය ආර්ථික කලාපය චීන කොලනියක් බවට පත් කරමින් සිටින බවට ඇතැම් නීතිඥයින් චෝදනා කරනුයේ ද චීන රජය විසින් ඉදිකර පරිත්‍යාග කළ උපරිමාධිකරණ සංකීර්ණය තුළ සිටම වීම එක්තරා දුරකට හාස්‍යයට කරුණක් බවය.

එම කොමිෂන් සභාවේ සියලු සාමාජිකයින් පත් කරනුයේ ජනාධිපතිවරයා විසින් වන බැවින් එමගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව කිසිදු අයුරකින් උල්ලංඝණය නොවන බව ද ඔහු අවධාරණය කළේය.

අද සිව්වන දිනටත් මෙම පෙත්සම් විභාගය සිදුවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us