ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සෞදි අරාබියේ රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමෙන් අනතුරුව සෞදි රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති වු සාකච්ඡාවලින් පසුව එම ශ්‍රී ලාංකික කතුන් නිදහස් කිරීමට එකඟත්වය පළ කළ බව ද වාර්තා වේ.
ඒ අනුව සෞදි අරාබියේ රැඳවුම් කඳවුරු වල සිටින ලාංකික කතුන් 156 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා පවසයි.
නිදහස් කරනා කතුන් රැඳෙන එන ගුවන් යානය මෙරටට ගොඩබැස්වීමට අවසර ලබාදීම පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමඟ සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පවසා සිටි.
-පංචාලි අබේසේකර