ගමට සෙක්කුවක් තිබුණාම තෙල් ප්‍රශ්නය විසැ‍ඳෙනවාද? පොල් පැලත් නැතිකොට Featured

Published in පුවත්
Monday, 12 April 2021 11:26

 පොල් මිල ඉහළ යාමත් සමග බොහෝ දෙනකු සිය ගෙවතුවල පොල්පැළ සිටුවීම නිසා පොල් පැළවලට ඇතිව තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් පොල් පැළ හිඟයක් ඇතිව තිබේ.

 

පොල් වගා කිරීමේ මණ්ඩල හරහා නිකුත් කෙරෙන පොල් පැල ප්‍රමාණය අනුව මෙරට වාර්ෂික පොල් පැළ ඉල්ලුම ලක්ෂ 15 ක් බව පොල් වගා කිරීමේ මණ්ඩල පෙන්වා දෙයි. පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් තවාන් 39 කින් පොල් පැළ නිකුත් කිරීම සිදුවන අතර සෞභාග්‍යා ගෙවතු වගා වැඩපිළිවෙල ඇතුළුව මේ වසරේ (2021) පොල් පැළ අවශ්‍යතාව ලක්ෂ 35 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ.

ඉකුත් වසරේ පැවැති කොරෝනා තත්ත්වයත් සමග පොල් පැළ සඳහා ඉල්ලුම වැඩිවූ බවත්, පොල් වගා කිරීමේ මණ්ඩලයේ පැළ තවාන්වලින් ඉකුත් වසරේදී පොල් පැළ දහනව ලක්ෂ තිස් දහසක් නිකුත් කරනු ලැබූ බවද පොල් වගා කිරීමේ මණ්ඩල පෙන්වා දෙයි.

ශ්‍රි ලංකාවේ වාර්ෂික පොල් නිශ්පාදනය ගෙඩි බිලියන 2.5 ත් 3 ත් අතර ප්‍රමාණයක් වන අතර සාමාන්‍ය ගෘහස්ත පාරිභෝජනය සඳහා පොල් ගෙඩි බිලියන 2 ක පමණ වාර්ෂිකව අවශ්‍ය වෙයි. එමෙන්ම පොල් මද (තෙල් /කිරි ) ආශ්‍රිත නිශ්පාදන සහ අපනයන කර්මාන්ත වෙනුවෙන් ඉතිරිය යොදා ගන්නා නමුදු එම නිශ්පාදන සඳහා වන ඉල්ලුම සැපිරීමට තරම් පොල් නිශ්පාදනයක් සිදුවන්නෙ නැත. මේ නිසා ගෘහස්ත පාරිභෝජනයට තිබෙන පොල් ප්‍රමාණයෙන් කොටසක්ද මේ වෙනුවෙන් යොදාගැනීම සිදුවෙයි.

මෙරට පොල් තෙල් අවශ්‍යතාවය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 180,000 ක පමණ වන අතර එයින් ගෘහස්ත පාරිභෝජනය වෙනුවෙන් ඉන් අඩක් එනම් මෙට්‍රික් ටොන් 90,000 ක් පමණ වේ. ඉතිරි අඩ කර්මාන්ත සඳහා යොදා ගනී. එහෙත් ලංකාවේ වාර්ෂික පොල් තෙල් නිශ්පාදනය මෙට්‍රික් ටොන් 40,000ක් පමණ වේ. පසුගිය වසරේ වූ පොල් පළදාවේ හිඟය නිසා මෙම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000 දක්වා අඩුවිය.

සාමාන්‍යයෙන් පොල් තෙල් ලීටරයක නිපදවීම සඳහා පොල් ගෙඩි හත අටක්වත් අවශ්‍ය වන අතර මේ අනුව මෙරට පොල් තෙල් අවශ්‍යතාවය වෙනුවෙන් අමතරව පොල් ගෙඩි බිලියන 2 ක පමණ ප්‍රමාණයක අවශ්‍යතාවය පවතී.
මෙම තත්වය නිසා විදේශයන්ගෙන් පොල් ආශ්‍රිත නිශ්පාදන සහ ආදේශක මෙරටට විශාල වශයෙන් ගෙන ඒමට සිදුව තිබේ. පිලිකාකරක පොල් තෙල් ප්‍රශ්නය නිසා පොල් තෙල් ගෙදරම සකසා ගන ලෙස ඇතැම් පාර්ශ්ව විසින් අවධාරණය කළද පොල් ගෙඩි හිඟය නිසා එය මේ මොහොතේ පිලිකා කාරක තෙල් ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් වන්නෙ නැත.

මෙරට පොල් / පොල් තෙල් සඳහා වන ඉල්ලුම ( සහ අපනයන කර්මාන්ත වෙනුවෙන්) සපුරාලීමට දැනට තිබෙන අක්කර දසලක්ෂයක පමණ වන පොල් වගා ප්‍රමාණය තුන් හතර ගුණයකින්වත් වැඩි කිරීමට අවධාණය යොමු කිරීමට සිදුව ඇත.

එමෙන්ම වැඩි පොල් පළදාවක් ලබා ගතහැකි දෙමුහුන් පොල් පැල නිශ්පාදනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කිරීම අදාල ආයතනවලින් සිදුවීමද විය යුතුය. මෙරට සාමාන්‍ය පොල් ගසක වාර්ෂික පොල් පළදාව ගෙඩි 60- 65 අතර පවතින නමුත් ඉන්දියාව බංග්ලාදේශය වැනි රටවල් දෙමුහුන් පොල් ගස් මඟින් පළදාව දෙගුණයකටත් වඩා වැඩි කරගැනීමට සමත්ව ඇත.

Last modified on Monday, 12 April 2021 11:48

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us