කොළඹ ඇලවෙන කුලුනේ රුපියල් කෝටි 1200කට ආසන්න වංචාවක් !

Published in පුවත්
Thursday, 08 April 2021 10:00

කොළඹ ‘ඇලවෙන කුලුන’ නමින් ප්‍රචලිත ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කොටස් විකුණා රුපියල් කෝටි 1200කට ආසන්න වංචාවක් සිදුකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (07 වැනිදා) දැනුම් දුන්නේය.

ඉන්දියාවේ, කල්කටාහි පිහිටි පෞද්ගලික සමාගමක් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර අපරාධ විමර්ශන අංශය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

අදාළ ඉන්දියානු සමාගමේ පාලිත සමාගමක් මෙරට පිහිටා තිබෙන බවත්, එම සමාගමේ හිමිකාරීත්වය සහ පාලනය දරන පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනකු මැදිහත්වී මෙම වංචාව සිදුකර තිබෙන බවත් පැමිණිලිකාර ඉන්දියානු සමාගමේ උප සභාපති මනමෝහන් බස්ලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබේ.

මෙම ඇල්ටෙයාර් ව්‍යාපෘතියේ කොටසක් රුපියල් 272කට මිල කර තිබියදී, පැමිණිලිකාර සමාගමට කිසිදු දැනුම්දීමක් හෝ අවසරයකින් තොරව වංචනික ලෙස එක් කොටසක් රුපියල් 02 බැගින් විකිණීම තුළින් රුපියල් එක්දහස් එකසිය හැත්තෑහතරකෝටි පනස් ලක්ෂයක (රුපියල් 11,745,000,000) වංචාවක් සිදුකර තිබෙන බවත්, සිය පැමිණිල්ල මගින් ඉන්දියානු සමාගම දැනුම් දී තිබේ.

මෙම වංචාවට මෙරට පිහිටි සමාගම් අධ්‍යක්ෂවරුන් දෙදෙනකු සම්බන්ධ බවට අනාවරණය වන බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් අවශ්‍ය නියෝගය ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව දන්වා සිටියේය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us