පාස්කු ප්‍රහාරය පිළිබදව විපක්ෂය නගන චෝදනා වලට ජොන්ස්ටන්ගෙන් පිළිතුරු !

Published in පුවත්
Wednesday, 07 April 2021 14:33

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කල පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම වන්නේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යනය කොට නැවත මෙවැනි විපතක් ඇති වීම වලක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීම බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කර තිබෙනවා.

අමාත්‍යවරයා මේම අදහස් පල කළේ අද දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබදව විපක්ෂය රජයට චෝදනා නගමින් සිටීම ගැන කිසිසේත් පිළිගත නොහැකි බවත් ප්‍රහාරය සිදු වුයේ යහපාලන ආණ්ඩු සමයේ බව විපක්ෂයට සිහි කැදවන බවත්ය.

මේ පිලිබදව අදහස් පළකළ අමත්‍යවරයා,

''ජනාධිපතිතුමා වෙත පාස්කු වාර්තාව පිළිගැන් වූ දිනයේ සිට විපක්ෂය විසින් මෙය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස කෑ මොරදුන්නා. ඉන්පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දිනයේ පටන් එහි ඇති වැරදි සහ අඩුපාඩු පිළිබදව දහසකුත් එකක් මැසිවිලි නගනවා. නමුත් මේ සිද්ධිය සිදු වුනේ කවුරුන් රට පාලනය කරන කාලයේදී කියන එක මේ අයට අමතක වෙලා වගේ ජනතාවට කරුනු ඉදිරිපත් කරන්නේ.

යහපාලන කාලයේ රට අරාජික වෙලා, වගකීමක් භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවී එක එක්කෙනාට ඇගිල්ල දිගු කරමින් රටේ ජනතාව කුපිත වී සිටින වෙලාවක අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ඉදිරියට පැමිණ මුස්ලිම් හා කතෝලික ජනතාව සමකාමීකර මහා විනාශයක් වලක්වා ගැනීමට ඉදිරිපත් වීම ගැන මම පලමුවෙන්ම අනේක වාරයක් උන්වහන්සේට ස්තුතියි වන්ත වෙනවා.

අද ඔය කෑගහන විපක්ෂ නායක ඇතුළු නඩය එදා හිටියේ කොහේද? ඔවුන් එම අවස්ථාවේදි මේ තරම් විනාශයක් වෙලා තිබිලත් රජයේ හිටපු ප්‍රබල ඇමතිවරුන් වගේම ජනාධිපති වීමට සිහින දැකපු අය, තවමත් තමන්ට ජනාධිපති වෙන්න පුලුවන් කියලා හීන දකින අය ජනතාව වෙනුවෙන් ඉදිරියට ඇවිත් සාධාරණයක් ඉෂ්ඨ කරන්න මොනවද කලේ.

මේ රටේ ඉතිහාසයේ ඕනතරම් කොමිෂන් පත්කරලා තියෙනවා. ඒ කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට තියා ජනාධිපති කාර්යාලයෙන් එළියට ගිහිල්ලා නැහැ. මිනිස්සුන්ට මේ කොමිෂන් ගැන කිසි විශ්වාසක් තිබුනේ නැහැ. ජනාධිපතිතුමා මේ කොමිෂන් වාර්තාව ලැබුණ හැටියම ඒක කැබිනට් මණ්ඩලයට දාල ඒ ගැන අධ්‍යනය කරන්න කමිටුවකුත් පත් කරලා. ඊට පස්සේ ඒ වාර්තාව මේ සභාවටත් ඉදිරිපත් කරලා. ජනාධිපති කොමිෂන් සභා පිළිබද විශ්වාසයකුයි මේ ඇති කරලා තියෙන්නේ. යනුවෙන් සදහන් කර ඇත. මේ විමර්ෂන පාදක කරගෙන අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වුණාම වගකිවයුත්තෝ එළියට එයි. එදාට වගකීම් පැහැර හැරපු මහත්වරුන්ගේ රෙදි ගැලවෙයි. කොමිෂන් වාර්තාවට තඩිබාලා කරපු වැරදිවලට දඩුවම් ලබන්න තියෙන අවස්ථා නැති කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා'' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us