පාස්කු අනුකමිටුවේ අවසන් වාර්තාව චමල් වෙතින් ජනපති අතට !

Published in පුවත්
Tuesday, 06 April 2021 09:23

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවසන් වාර්තාව කමිටුවේ සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලැබීය.

2021 පෙබරවාරි මස 19 වන දින කමිටුව පත් කරනු ලැබිණ.
කමිටු වාර්තාව මාර්තු මස 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිදුර විමර්ශනය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78ක් හඳුනාගෙන තිබේ. එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර ඇත.

නීතිමය කාරණා පිළිබඳ නිර්දේශ මීට පෙර නීතිපතිතුමා වෙත යොමු කරනු ලැබීය.
කමිටුවේ සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර යන අය වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුණහොත් බෞද්ධයන් ලෙස යම් යම් තීරණයන්ට එළැඹීමට සිදුවන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (5 වැනිදා) අදහස් දක්වමිනි.

කාදිනල්තුමන්ගේ කලකිරීම සාධාරණ යැයිද, ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති. තමන් වහන්සේගේ අවබෝධය පරිදි කොමිෂන් සභා වාර්තාවෙන් විශාල පිරිසකට චෝදනා එල්ල වී ඇතැයිද එක් පුද්ගලයකුට නොව ඒ සියලු දෙනාට නඩු පැවැරිය යුතු යැයිද උන්වහන්සේ කියා සිටිති.

පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 2 ක් වැනි කාලයක් ගතව තිබුණද එයට සාධාරණයක් ඉටුවී නොමැති බැවින් බෞද්ධ ජනතාව ලෙස කිතුනුවන් වෙනුවෙන් රජයට කරුණු දැක්විය හැකි බවද උන්වහන්සේ එහිදී පවසති.

-පංචාලි අබේසේකර

g1raja

Last modified on Tuesday, 06 April 2021 09:25

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us