අද සිට සතොසෙන් පාසැල් අභ්‍යාස පොත් 20% ක් අඩුවට !

Published in පුවත්
Wednesday, 31 March 2021 12:20

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත ඉතා උසස් තත්වයේ අභ්‍යාස පොත් සතොස ආයතනය හරහා වෙළෙඳපලේ පවතින මිලට වඩා 20% කින් අඩු මිලකට අද සිට පාරිභෝගික ජනතාවට ලබා දීම සදහාත්, දේශීිය සහ විදේශීය වශයෙන් සම්මාන රාශියකින් පිදුම් ලද පරිසර හිතකාමී කාබන් විමුක්ති තේ අපනයන සමාගමක් වන ඔලින්ඩා තේ කොළ නිෂ්පාදන සන්නාමය වෙළෙඳපලේ පවතින මිලට වඩා අඩු මිලට තේ කොළ ලබා දීම සඳහා සමඟ ගිවිසුම් ගත වීම වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී සිදු කෙරිණ.

ඒ අනුව උසස් තත්වයෙන් යුතු, ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ වෙළෙඳපලේ පවතින මිලට වඩා අඩු මිලට ජනතාවට ලබා දීමේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ නිරන්තර උත්සාහය මේ හරහා ක්‍රියාවට නැංවෙන අතර රාජ්‍ය ආයතන වලට ඉතාමත් අඩු මිලට මෙම ද්‍රව්‍ය ලබා ගැනීමටත් මේ ඔස්සේ අවස්ථාව උදා වේ.

මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය , සතොස ආයතනයේ සභාපති, සතොස ප්‍රධාන විධායක නිළධාරීතුමා, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති,රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා සහ සාමාන්‍යාධිකාරීතුමිය , ඔලින්ඩා තේ අපනයන නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීතුමා ඇතුළු පිරිසක් සහභාගී විය.

-පංචාලි අබේසේකර

Last modified on Wednesday, 31 March 2021 12:23

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us