කොළඹ රථ වාහන තදබදය විසඳන්න යූනියන් පෙදෙසට නව රථ ගාලක් !

Published in පුවත්
Wednesday, 31 March 2021 09:52

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඉදිවන රථගාල් දොළහේ ව්‍යාපෘතියේ තුන්වන රථගාලේ ඉදිකිරීම් කටයුතු පසුගිය දා යූනියන් පෙදෙසේ ඉබ්බන්වල හන්දියේ දී ආරම්භ කෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රථ වාහන තදබදයට ඉදිරිපත් කර ඇති විසඳුම් යෝජනාවලට අනුව කොළඹ මෙන් ම දිවයින පුරා රථ වාහන තදබදය පවතින ප්‍රධාන නගරවල නව රථගාල් ඉදිකිරීමට නියමිතය.

යෝජිත රථගාල් 12 අතරින් කොළඹ කොටුව සහ නාරාහේන්පිට රථගාල් දෙකේ ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඉබ්බන්වල හන්දියේ ඉදිකෙරෙන්නේ තුන්වැනි රථගාල ය. එකවර රථවාහන 310ක් නවතා තැබිය හැකි මෙම රථගාල ඉදිකිරීමත් සමඟ ම දැනට එම ප්‍රදේශයේ පවතින වාහන තදබදය අවම වනු ඇත.

මරදාන පාර, ටී.බී. ජයා මාවත, ධර්මපාල මාවත, යූනියන් පෙදෙස, කිංසි පාර ඇතුළු මාර්ග ගණනාවක පවතින වාහන තදබදයට මෙමඟින් පිළියම් යෙදෙන අතර කොළඹ මහ රෝහල් පරිශ්‍රය අවට වාහන තදබදයට ද විසඳුම් ලැබේ.
ඉබ්බන්වල හංදියේ රථගාල මහල් 10 කින් සමන්විත අතර එය නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව ඉදිවෙයි. නව රථගාලේ වපසරියෙන් 80% ක්

වාහන නවතා තැබීම සඳහා වෙන් කෙරෙන අතර ඉතිරි 20% කාර්යාල සහ සාප්පු පරිශ්‍රයක් සඳහා වෙන්කෙරේ. එනම් මෙහි බිම් මහල, පළමු මහල සහ දෙවන මහල කාර්යාල සහ සාප්පු සංකීර්ණ සඳහා වෙන් කෙරේ. තෙවන මහලේ සිට දසවන මහල දක්වා වෙන් වන්නේ යෝජිත රථ ගාල සඳහා ය.
ඉබ්බන්වල හන්දියේ මෙම නව රථගාල සඳහා ආයෝජනය කරන මුළු මුදල රුපියල් මිලියන 605 කි. මේ සඳහා වෙන්කර ඇත්තේ ඉබ්බන්වල හන්දියේ පිහිටා තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමකින් පර්චස් 113 ක් වන අතර මෙම රථගාල වර්ග අඩි 31, 000 කින් සමන්විත ය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us