කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතියට කැබිනට් අනුමැතිය !

Published in පුවත්
Tuesday, 30 March 2021 14:40

කොළඹ නගරයේ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේනවා.

කොළඹ නාගරික ආවරණය වන පරිදි පෞද්ගලික හා රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත අතර, දුම්රිය මාර්ග 4ක් එහිදි ඉදි කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර ඇත.

මෙම දුම්රිය මාර්ග නම් කර ඇත්තේ රක්ත, හරිත, නීල හා දම් ලෙසය.

ඒ අනුව කිලෝමීටර 42ක දිගින් යුතුව රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා ද , හරිත දුම්රිය මාර්ගය කිලෝ මීටර 28ක දිගින් යුතු අතර එය මොරටුවේ සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ඉදිකිරීමට නියමිතය.

මේ අතර නීල දුම්රිය මාර්ගය කිලෝමීටර 23ක දිගින් යුතුව ඉදිකෙරෙන අතර එය කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා ධාවනය වේ.

සිව්වන දුම්රිය මාර්ගය වන දම් දුම්රිය මාර්ගය වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා ඉදිකිරීමට නියමිතයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us