ඛනිජ නිධි ගවේෂණයට ඉන්දියානු සමාගමකට බලපත්‍ර දුන්නද නිධියේ අයිතිය ලබාදී නැහැ - අමරවීර  

Published in පුවත්
Tuesday, 30 March 2021 09:30

ඛනිජ නිධි ගවේෂණය සඳහා ඉන්දියානු සමාගමක් බලපත්‍රයක් ලබාගෙන ඇතත් කිසිසේත්ම එමගින් නිධියේ අයිතිය ලබාදීමේ තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකශ කර තිබෙනවා.

කිරින්ද ඛනිජ නිධිය සම්බන්ධව මේ වන විට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ සම්බන්ධව පරිසර අමාත්‍යාංශය නිරීක්ෂණ සකස් කරමින් පවතින බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව කර්මාන්ත අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් දැනට එම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ මාගම ව්‍යාපෘතියට බවත්ය.

ජනතාවගේ අදහස් මත සහ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය ලබාදෙන තීන්දු අනුව මෙම කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us