රජයේ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට සහය වන්න - ජනපති

Published in පුවත්
Saturday, 27 March 2021 10:47

රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළාත් පාලන නියෝජිතයිනට දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (26) පස්වරුවේ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමිනි.

අද විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බවත්, ජනතාව රජය කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යා යුතු බවත් , රජයේ සැලසුම් නිසි ලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බවත් ජනාධිපතිතුමා එහිදී අවධාරණය කර තිබේ..

පුද්ගලයන් නොව, රජයේ ප්‍රතිපත්ති ඉස්මතු කිරීමට සියලුදෙනා කැපවිය යුතුය. ප්‍රතිපත්ති බිඳ වැටුණොත් රට නැවත විනාශයට ඇඳ වැටීම වැළැක්විය නොහැකිය. රජය බලයට ගෙන ඒමට දුන් සහයෝගය සහ කැපවීම රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී ද සියලුදෙනාගෙන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එම හමුවේදී සදහන් කර ඇත.

එහිදී අදහස් පළකළ ජනපතිවරයා ,

“සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛ අරමුණ දරිද්‍රතාව තුරන් කර ජනතාවට සෞභාග්‍යය උදා කිරීමය. දරිද්‍රතාව තුරන් කරමින් අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවීමට රජය විශාල වැඩකොටසක් කරමින් සිටී. ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කර ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් අත් කර දීමට මේ වසර 05 තුළ කැපවනවා.
ජනතා ගැටළු පිළිබඳ පුළුල් අවබෝධයක් පළාත් පාලන නියෝජිතයනට තිබේ. ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලේදී එය ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා දේශපාලන වශයෙන් පමණක් නොව පරිපාලනමය වශයෙන් ද නායකත්වය ගෙන ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය වන්න.
රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ විපක්ෂය විවිධ බොරු ප්‍රචාර ගෙන යමින් සිටී. ගමට ගොස් ගමේ සංවර්ධනය සමග එක්වෙමින් බොරු ප්‍රචාර නිවැරදි කිරීමට ක්‍රියා අවශ්‍යයි '' යනුවෙන් සදහන් කර ඇත.

මේ අතර එම හමුවට සහභාගී වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙලෙස අදහස් පළකර තිබේ,

''කවුරු කුමක් පැවසුවද පරිසරය සුරැකීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරමින් සිටීනවා . 2030 වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීම, රසායනික පොහොර භාවිතය සෑම වසරකම 25%කින් අඩු කිරීම, කටුපොල් වගාව තහනම් කිරීම ඇතුළු පරිසරය වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ගෙන තිබෙන බවත් මතක් කරන්න කැමතියි.
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක “පුරනැඟුම” 03 වැනි අදියර ළඟදීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබේනවා පලාත් පාලන ආයතනවල බොහෝ අඩුපාඩුකම් සපුරාලීමට එමගින් හැකිවනු ඇති.
පළාත් පාලන ආයතනවලට අවශ්‍ය බරවාහන ඇතුළු යන්ත්‍රෝපකරණ නැතිවීමෙන් මතුව ඇති ගැටළුවට වසර අවසන්වන විට විසඳුම් ලැබෙයි'' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

g2g1g3g4g5

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us