වන විනාශය ගැන බොරු කිවොත් අත්අඩංගුවට !

Published in පුවත්
Thursday, 25 March 2021 10:27

වන විනාශය පිළිබඳ ව්‍යාජ සහ ද්වේශ සහගත තොරතුරු ඉදිරිපත් කරන අයවලුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කල අතර රට තුළ යම් පරිසර හානියක් සිදුවී තිබෙන බව පිළිගන්නා බවත්, පරිසරය විනාශ කරන පිරිසට එරෙහිව නීතිමය කටයුතු සිදුකෙරෙන බවත් අමාත්‍යවරයා සදහන් කර ඇත.

පරිසර විනාශය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඉහළ ගොස් ඇතැයිද ඇමැතිවරයා පැවසුවේය.

පරිසර විනාශයන් පිළිබඳව සොයා බැලීම සඳහා සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කරගෙන යාන්ත්‍රණයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවත්, වන විනාශයන් පිළිබඳව ජනතාවට තොරතුරු ලබාදීමට හැකි මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.

සෑම ගමකම ක්ෂේත්‍ර නිලධාරීන් හත් අට දෙනෙකු රජය යොදවා සිටියත්, පරිසර විනාශයන් පිළිබඳව තොරතුරු දැනගැනීමට සිදුවී ඇත්තේ මාධ්‍ය හරහා බවද ඔහු පැවසුවේය.

පරිසරයට හානි කරන ලද පුද්ගලයින් 300 කට පමණ නඩු පවරා ඇතැයිද ඇමැතිවරයා සඳහන් කරයි.

පරිසරයට හානි කිරීමට අදාළව නඩු පවරන ලද පිරිස අතර ආනවිලුන්දාව, දහයියාගල යන ප්‍රදේශවල පරිසරයට හානි කරන ලද පිරිසද සිටින බව ඇමැතිවරයා පවසයි. මේ පිරිස අතර ප්‍රාදේශීය දේශපාලනඥයින්, ධනවතුන් සේම බලවතුන්ද සිටින බව ඔහු කීවේය. පරිසරය ගැන මේ දිනවල ආදරයෙන් කතා කරන විපක්ෂ නායකවරයා පසුගිය කාලයෙදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් එළිපෙහෙලි කර නිවාස තැනීමට පවා අවසරය ලබාදී තිබූ බව ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us