ජනතාවට පීඩා කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණයි -ජනපති

Published in පුවත්
Thursday, 25 March 2021 09:41

දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර ඇත.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට යන්නේ ද සැබෑ ජනතා ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමටයි. ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නැති පිරිසක් අද ඊට ද පහර ගසමින් සිටින බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ (24) පස්වරුවේ නාවල නාගරික තෙත් බිම් උද්‍යානයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමිනි.

කුමන බාධක සහ විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ අඩපණ නොකරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා බොරු
ප්‍රචාරවලින් ජනතාව මුලා කිරීමට ඉඩ දිය නොහැකි බව ද සඳහන් කර තිබේ.

වත්මන් රජය බලයට පැමිණ මාස 16ක් වැනි කෙටි කාලයකදී රට තුළ පැහැදිළි ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කර තිබේන බවත් පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනතාව තමාගෙන් ඉල්ලා සිටියේ එම වෙනස බවත් සඳහන් කළ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සංස්කෘතිය, අපේකම, දේශීයත්වය රැක ගැනීමට මෙන්ම රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ද රජය විශාල වැඩකොටසක් කළ බව පවසා ඇත.

වත්මන් රජයට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙම යුගය තුළ ඇති වූ ගැටළුලට නොව පසුගිය ආණ්ඩු සමයේ ඇති කළ ගැටළුවලට බවත් 19 වැනි සංශෝධනයෙන් සිදු වූ වැරදි ඉන් එකක් බවත් 20 වැනි සංශෝධනය ගෙන එමින් එම වැරදි නිවැරදි කෙරුණා බවත් එහිදී ජනපතිවරයා පවසා ඇත.

එසේම ජාතික ආරක්ෂාව දුර්වලකිරීම නිසා පාස්කු ප්‍රහාරය සිදු වූ බවත් ,ඒ පිළිබඳ සොයා බැලීමට ඔවුන්ම පත් කළ පාස්කු කොමිෂමට පිළිතුරු බැඳීමට සිදුව ඇත්තේ ද වත්මන් රජයට බවත් ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

මේ පිලිබදව අදහස් පලකළ ජනපතිවරයා ,

''MCC ගිවිසුමට මෙන්ම නැගෙනහිර පර්යන්තය බදුදීමට ගිවිසුම් ගතවූයේ ද පසුගිය රජයේ සමයේය. ඒ පිළිබඳ මතු වූ අර්බුදකාරී තත්ත්වයට ද රජයට මුහුණ දීමට සිදු විය.
ඔවුන්ම ඇතිකළ ගැටළු මතු කරමින් එදා ආණ්ඩුවේ සිටි අයම අද රජයට විරුද්ධව උද්ඝෝෂණවල නිරතවනවා . රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නංවන අතර ඔවුන් ඇති කළ ගැටළුවලට පිළිතුරු සෙවීමට වැඩි කාලයක් වැය කිරීමට රජයට සිදුව තිබෙනවා.

ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවෙකුට අවසර දී නැහැ. විපක්ෂය රට තුළ විශාල වන විනාශයක් සිදුවන බවට බොරු ප්‍රචාර ගෙන යමින් සිටි. දිස්ත්‍රික් මට්ටමින් වන විනාශයක් සිදුවනවානම් ඒ පිළිබඳ සොයා බලා කඩිනමි පියවර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට අද උපදෙස් දුන්නා'' යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

g1g2g3g4

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us