මෙම පෙත්සම දින තුනක් තිස්සේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීය.
පෙත්සම්කාර රන්ජන් රාමනායකට සිර දඬුවම් නියම වූ තීන්දුව ප්‍රකාශයට පත් වී අප්‍රේල් මස 8 වන දා වන විට මාස තුනක කාලයක් සම්පූර්ණ වන හෙයින් ඊට පෙර මෙම තීන්දුව ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වෙන්නේ.
-පංචාලි අබේසේකර