සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 86,000 සීමාව ඉක්මවයි !

Published in පුවත්
Friday, 19 March 2021 18:57

මෙරට කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 86,000 සීමාව ඉක්මවා ගොස් තිබේන බව සෞඛ්‍ය අංශය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 283 දෙනෙකු අද (19) දිනයේදීද සුවය ලබා පිටවයෑමත් සමගය.

එම පිරිසත් සමග මෙරට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 86,227 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ප්‍රමාණවත් තොරතුරු ලැබී නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා තිබෙනවා.

ඇය සඳහන් කරන්නේ එම තොරතුරු ලැබුණු වහාම ඊට අනුමැතිය ලබාදීම පිළිබඳ සලකාබලන බවයි.

මීළග ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය අප්‍රේල් මස මුල් සතියේදී මෙරටට ගෙන්වීමට හැකියාව ලැබෙනු ඇති බවද රජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කරනවා.

ඇය මේ පිළිබවද දැක්වූ අදහස් ,

"චීනයේ නිෂ්පාදිත එන්නතට අවශ්‍ය තොරතුරු සම්පූර්ණ නෑ. අපිට දැනගන්න ලැබිලා තියෙනවා ලක්ෂ 6ක මාත්‍රා මුල් වටයේදී ලැබෙනවා කියලා. අපිට ඒ ප්‍රධානය භාර ගන්න පුළුවන් වෙන්නෙ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දුන්නාම තමයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වගකීම තමයි ජනතාව ආරක්ෂිත සාර්ථක එන්නත් ලබාගැනීම." යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us