වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට ඉදිරිපත් කළ යෝජනාව පඩිපාලක සභාව විසින් පසුගියදා ස්ථිර කරනු ලැබුවා.
මෙම වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීමේ ප්රශ්නයේ තීරණාත්මක අවසන් සාකච්ඡාව පැවැත්වුනේ මාර්තු මස පළමුවනදාය.
වතු හාම්පුතුන් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවති එම සාකච්ඡාවෙන් බහුතරයකගේ එකඟතාවයෙන් වතුකම්කරු වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුවයි අද දින ඊට අදාල ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ.
-පංචාලි අබේසේකර