මැතිවරණ ව්‍යාපාරය සඳහා නිවාස සංවර්ධන අධිකාරියෙන් මුදල් ඇද්ද සජිත්

Published in පුවත්
Monday, 01 March 2021 09:40

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 2019 වසරේදී සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ලබාගෙන ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පාවිච්චි කරමින් බව එහි සභාපති රේණුක පෙරේරා ප්‍රකශ කර තිබේ.

එමෙන්ම 2019 වසරේ එම අධිකාරියේ අලුත්වැඩියා හා නඩත්තු වියදම් ලෙස රුපියල් කෝටි පහක් වියදම් කර ඇති අතර එය 2020 වසරේ රුපියල් කෝටි දෙකක් දක්වා අඩු කරගෙන ඇති බවත් ඔහු සදහන් කරයි.

මේ වන විට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වියදම 2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී රුපියල් කෝටි එකසිය හතරකින් අඩුකර ගෙන ඇත.

2019 වසරේ එම අධිකාරියේ වියදම රුපියල් කෝටි එකසිය අනූ තුනකි. 2020 වසරේදී එය රුපියල් කෝටි අසූ නවයක් දක්වා අඩු කරගෙන තිබේ. ප්‍රවාහන වියදම්, අධ්‍යක්ෂ මණ්ඩල දීමනා, අලුත්වැඩියා හා නඩත්තු වියදම්, අතිකාල දීමනා ආදිය සඳහා 2019 වසරේදී අනවශ්‍ය ආකාරයට මුදල් වියදම් කර තිබූ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රකශ කරයි.

අතිකාල දීමනා ලෙස 2019 වසරේදී රුපියල් කෝටි දහයක් වැයකර ඇත. 2020 වසරේදී එය රුපියල් කෝටි හතරක් දක්වා අඩු කිරීමට හැකිවූ බවද ඔහු සදහන් කරයි.

රාජකාරි කටයුතු නොතිබුණද බොහෝ සේවකයන් නිවාඩු දිනයන්හිදී සේවයට වාර්තා කර අතිකාල දීමනා ලබාගැනීම නිසා 2019 වසරේදී අතිකාල ගෙවීම ඉහළ ගොස් තිබිණි.

-පංචාලි අබේසේකර

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us