දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක

Published in පුවත්
Wednesday, 10 February 2021 14:16

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට සිය අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සහ බඳවා ගැනීමේ ක්‍රමවේද කඩිනමින් සකස් කිරීම, දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සන්නිවේදන පද්ධතියක් හඳුන්වාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන අතර, ඊට විසඳුමක් නොලැබුණහොත් එය අඛන්ඩ වර්ජනයක් දක්වා පුළුල් කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, 2019 වර්ෂයේ උසස් පෙළ කඩයිම් ලකුණු ගැටලුවට මුහුණදී අසාධාරණයට ලක් වූ සිසුන් විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අරලියගහ මන්දිරය ඉදිරිපිට අද තුන්වන දිනටත් සත්‍යග්‍රහයක නිරත වනවා. අද පෙරවරුවේ එම ස්ථානයට පොලිස් නිලධාරින් පැමිණ සත්‍යග්‍රහයේ නිරතව සිටින පිරිසට ඉන් ඉවත් වන ලෙසට දැනුම් දෙනු ලැබුවා.

එහිදී සත්‍යග්‍රහයේ නිරත සිසුන් සහ පොලිස් නිලධාරින් අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.කෙසේ වෙතත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අසාධාරණයට ලක්වූ සිසුන් බඳවා ගැනීමට රජය කටයුතු නොකළහොත් අරලියගහ මන්දිරය ඉදිරිපිට අඛන්ඩව සත්‍යග්‍රහයක නිරත වන බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us