ස්වර්ණමහල් ෆිනෑන්ෂල් තැන්පතුකරුවන්ට පණිවුඩයක්  

Published in පුවත්
Wednesday, 03 February 2021 12:58

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුකරුවන්ට ගෙවිය යුතුව ඇති ඉතිරි තැන්පතු මුදලින් 50%ක් ගෙවීමේ කටයුතු අද (3 වැනිදා) ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඒ අනුව ආයතනය විසින් මේ වන විට ගෙවා ඇති 30%ක ප්‍රමාණය සහ ශ්‍රී ලංකා රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර’ ක්‍රමය යටතේ ආවරණය වූ රක්ෂණ වන්දි මුදල හැරුණු කොට ඉතිරි තැන්පතු වටිනාකමින් 50%ක් මෙලෙස ගෙවීමට නියමිතය.

මේ පිළිබඳව ‘අරුණ’ කරන ලද විමසීමකදී මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අදාළ ගෙවීම් ක්‍රමවේදය මෙසේ පැහැදිලි කළේය.

‘‘ස්වර්ණමහල් ආයතනයේ සියලුම තැන්පතුකරුවන්ට පාහේ අප දැනටමත් ඔවුන්ගේ තැන්පතු මුදලින් සීයට තිහක් ගෙවල අවසන්. උදාහරණයක් ලෙස කියනවා නම් තැන්පතුව රුපියල් ලක්ෂ දහයයි කිව්වොත් එයින් ලක්ෂ තුනක් ගෙවා අවසන්. ඒ වගේම මේ සෑම තැන්පතුකරුවකුටම රුපියල් ලක්ෂ හයක ණය රක්ෂණ ආවාරණයක් හිමිවෙනවා. එම ලක්ෂ හයත් මේ වන විට ඉල්ලුම් කර ඇති සියලුම තැන්පතුකරුවන්ට ගෙවා අවසන්. ඒ කියන්නේ ලක්ෂ දහයක් තැන්පත් කරපු කෙනාගේ ලක්ෂ නවයක්ම මේ වන විටත් ගෙවා අවසන්. ගෙවීමට ඇත්තේ ඉතිරිය පමණයි. එම ඉතිරියෙන් 50%ක් තමයි දැන් මේ ගෙවීම ආරම්භ කරල තියෙන්නේ.

ඒ අනුව ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් ආයතනයේ ප්‍රධාන ශාඛාව සහ උප ශාඛා මගින් කඩිනමින් මෙම මුදල් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව තැන්පත්කරුවන්ට දැනුම් දෙයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us