මෙරටට පැමිණි රැකියා නොමැති ශ්‍රමිකයන් සදහා දීමනාවක් සහ පොළී රහිත ණයක්  

Published in පුවත්
Wednesday, 03 February 2021 10:35

විදෙස්ගතව සිට මෙරටට පැමිණ රැකියා නොමැතිව සිටින පුද්ගලයින්ට රුපියල් 100,000ක දීමනාවක් සහ මෙරට තුළ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ද තවත් රුපියල් 50,000ක පොළී රහිත ණයක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා යෝජනා කර, ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සදහන් කර තිබේ.

මේ පිලිබදව අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල,

"රැකියා අහිමිවෙලා ලංකාවට පැමිණෙන විදේශීය ශ්‍රමිකයින් වෙනුවෙන් දැනට අපි කාර්යාංශය මගින් රුපියල් 50,000ක් දෙනවා. මම කිව්වා මේ 50,000 වැඩි කරන්න කියලා ලක්ෂය දක්වා. තවත් රුපියල් 50,000ක පොලී රහිත ණයක් දෙන්න කියලා කිව්වා යම් ව්‍යාපාරයක් පටන් ගන්න. සමහර අයට අව්‍යශයි නැවත පිටරට යන්න. එහෙම යන්නෙ නැතුව ඉන්න ඕන අය සිටී නම් ඒ අයගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා රුපියල් 50,000 මුදල ලක්ෂයක් දක්වා වැඩි කරලා අවශ්‍ය කටයුතු කරන්න කියලා මම උපදෙස් දුන්නා." යනුවෙන් සදහන් කර ඇත.

එසේම මෙරටට පැමිණීමට ගුවන් ටිකට් පත් ලබා ගැනීමට නොහැකිව සිටින විදෙස්ගත ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බවත්, එවැනි ශ්‍රමිකයින් අදාළ රටේ කොන්සියුල කාර්යාලයේ ලියාපදිංචි වී තම ගැටලුව ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us