බොත්තමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ! මතට තිත තබන්න රට පුරා මෙහෙයුම් අඛණ්ඩව

Published in පුවත්
Monday, 01 February 2021 12:49

තලවතුගොඩ බොත්තමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවකු සහ ඔහු සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය සමත් වුණා.

සැකකරුවන් තලවතුගොඩ සහ කිඹුලාවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්.

පොලීසියට ලැබුණු තොරතුරක් මත තලවතුගොඩ එකමුතු මාවත ප්‍රදේශයේ සිදු කෙරුණු වැටලීමකදීයී සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ.එහිදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමින් යුතු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ද ඊට අමතරව තරාදියක් , ජංගම දුරකතන දෙකක් ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගැනුණා.

තලවතුගොඩ බොත්තමා යනුවෙන් හැඳින්වෙන සැකකරු මීට පෙරද හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.

ඔහු දෙමටගොඩ චමින්ද නැමැති සංවිධානාත්මක අපරාධකරුවාගේ ගෝලයකු වන ආකාෂ් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම ද සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වුණේ.

අත්අඩංගුවට ගත් එක සැකකරුවකු ටෙලිනාට්‍ය චරිත ද නිරූපනය කර ඇති අයෙකු බව පොලීසිය සඳහන් කළා.සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර රුපියල් ලක්ෂයක් පමණ වටිනා මත්පෙති තොගයක් අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලීසිය සමත් වී තිබෙනවා.

ඔබේසේකරපුර 17 වත්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයී මෙම මත්පෙති තොගය පොලිස් භාරයට පත් වුණේ. මත්පෙති 950 ක් සමඟ සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us